
රුසියානු වැග්නර් කුලී හේවා බලඇණියේ නායක යෙව්ගිනි ප්‍රිගොෂින් ගුවන් අනතුරින් මියගිය බව සිදු කළ ඩී.එන්.ඒ. පරීක්ෂණවලින් තහවුරු වී ඇත.
පසුගිය 24 වැනිදා අනතුර සිදුවී කඩා වැටෙද්දී, ප්‍රිගොෂින් ඇතුළු ‘වැග්නර්’ කුලී හේවා බලඇණියේ සාමාජිකයන් 10 ගුවන් යානයේ සිට ඇත. යානය, ප්‍රිගොෂින්ගේ පෞද්ගලික ගුවන් යානයයි. ඉතිරි 9 දෙනා ද මියගිය බව තහවුරු කිරීමට ඩී.එන්.ඒ පරීක්ෂණ සිදු කර ඇතැයි රුසියන් බලධාරීහු පවසති.
යානයේ පියසැරි දත්ත ඇතුළත් ‘කළු පෙට්ටිය’ ද සොයාගෙන ඇති අතර, යානය කඩා වැටුණේ ඇයිදැයි සොයා බලන බව බලධාරීහු වැඩි දුරටත් පැහැදිලි කරති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd