
පාකිස්තාන භාරකාර අග්‍රාමාත්‍ය අන්වාරුල්හක් කකාර්ගේ භාරකාර රජය දිවුරුම් දුන්නේය. මහ මැතිවරණය පැවැත්වෙන තුරු රටේ කටයුතු ස්ථාවරව ඉදිරියට ගෙන යෑම මෙම නව රජයේ අරමුණය.
අන්වාරුල්හක් කකාර්ගේ භාරකාර අග්‍රාමාත්‍යවරයා ලෙස දිවුරුම් දුන්නේ පසුගිය සඳුඳා (14) පාකිස්තාන ජනාධිපති අරීෆ් අල්වී ඉදිරියේය.
අන්වාරුල්හක් කකාර්ගේ භාරකාර රජයට, ත්‍රස්තවාදී චෝදනා සම්බන්ධයෙන් බන්ධනාගාරගතව සිටින ‘ජම්මු කාශ්මීර් විමුක්ති පෙරමුණ’ යන නමින් හැඳින්වෙන සටන්කාමී සංවිධානයේ නායක යසීන් මලීක්ගේ බිරිඳ මිෂායිල් හුසෙයින් මලික් ද ඇතුළත්ය. ඇය දිවුරුම් දුන්නේ පාකිස්තානයේ මානව හිමිකම් පිළිබඳ අමාත්‍යවරිය ලෙසය. යසීන් මලීකට ජීවිතාන්ත සිරදඬුවමක් නියම වූයේ 2022 මැයි 25 වැනිදාය.
පාකිස්තානයේ ව්‍යවස්ථාවට අනුව, පාර්ලිමේන්තුව විසුරුවා භාරකාර රජයක් පිහිටුවීමෙන් පසු දින 90 ක් යෑමට පෙර මහ මැතිවරණය පැවැත්විය යුතුය. එසේ නම්, මහ මැතිවරණය පැවැත්විය යුත්තේ එලැඹෙන නොවැම්බරයේය. පාකිස්තාන මැතිවරණ කොමිසම පවසා ඇත්තේ නොවැම්බරයේ මැතිවරණය පැවැත්වීම සැක සහිත බවය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd