
දූෂණ වංචා චෝදනා හේතුවෙන්, වසර 15 ක කාලයක් තායිලන්තයෙන් පිට වී විදේශගතව සිටි එරට හිටපු අග්‍රාමාත්‍ය තක්ෂින් ෂිනවාත්‍රා වසර 15 කට පසු යළි තායිලන්තයට බලා පැමිණියේය.
කෝටිපති ව්‍යාපාරිකයකු ද වන ෂිනවාත්‍රා ඔහුට අයත් පෞද්ගලික ජෙට් යානයෙන් බැංකොක් අගනුවර ඩොං මුවෙන්ග් ගුවන්තොටුපොළ බලා පැමිණි බව තායිලන්ත මාධ්‍ය වාර්තා කළේය.
2001 සිට 2006 තෙක් තායිලන්ත අග්‍රාමාත්‍ය ධුරය හෙබවූයේ තක්ෂින් ය.
තායිලන්තය හමුදා කුමන්ත්‍රණවලට ප්‍රකට ආසියානු රටකි. එරට ප්‍රජාතන්ත්‍රවාදීව තේරී පත් වුණු පළමු අග්‍රාමාත්‍යවරයා තක්ෂින් ෂිනවත්‍රාය. 2005 වසරේ පැවැති මහ මැතිවරණයෙන් ද තක්ෂින් ෂිනවාත්‍රා විශිෂ්ට ජනවරමක් දිනා ගත්තේය.
තායිලන්තයේ මත්ද්‍රව්‍ය ජාවාරම්වලට එරෙහිව තක්ෂින් ෂිනවාත්‍රා දළදඬු තීන්දු තීරණ ගත්තේය. යටිතල පහසුකම් දියුණු කරමින්, සෞඛ්‍ය පහසුකම් නංවාලමින්, දරිද්‍රතාවයෙන් තායිලන්ත වැසියන් මුදා ගැනීමට වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කළේ තක්ෂින් ෂිනවාත්‍රාගේ රජයයි. තායිලන්තයේ දකුණු පළාත්වල මුස්ලිම් බෙදුම්වාදීන්ට මර්දනය කළේ ද ෂිනවාත්‍රාගේ රජයයි.
එසේ වුවත්, තක්ෂින් ෂිනවාත්‍රා ට විපක්ෂ දේශපාලන කණ්ඩායම්වලින් දූෂණ චෝදනා එල්ල විය. විපක්ෂ ක්‍රියාකාරීන්ගේ ‘කහ කමිස’ විරෝධතා හමුවේ රට දිනෙන් දින අස්ථාවර වීමට පටන් ගත්තේය. හදිසි මැතිවරණයක් පැවැත්වීමට තක්ෂින් උත්සාහ ගත් නමුත් ඊට අධිකරණයෙන් අවසර හිමි නොවිණි.
2006 වසරේ සැප්තැම්බරයේ එක්සත් ජාතීන්ගේ මහ සමුළුව ඇමැතීමට නිව්යෝක් නුවරට ගොස් සිටිද්දී, හමුදාව රටේ බලය අල්ලා ගත්තේය. තක්ෂින් ෂිනවාත්‍රා බලයෙන් නෙරපා දැමුණු අතර, ඔහුගේ ‘තායි රාක් තායි’ පක්ෂය බලතල අවභාවිත කළේ යැයි චෝදනා සම්බන්ධයෙන් තහනම් කෙරුණි.
තක්ෂින්, තායිලන්තයෙන් පිටුවහල් වීමට තීරණය කළේ ඉන්පසුවය. තක්ෂින් නොමැතිව, අධිකරණ ඔහුට වසර දෙකක සිර දඬුවමක් ද ලබා දුන්නේය. තක්ෂින් ෂිනවාත්‍රා, විදේශගතව සිට, ‘පූ තායි’ පක්ෂය පිහිටුවීමට කටයුතු කළේ ඉන්පසුවය.
පසුගිය මැයි මාසයේ තායිලන්ත මහ මැතිවරණය පැවැත්විය. ඒ, පාර්ලිමේන්තුවේ නියෝජිත මන්ත්‍රී මණ්ඩලයට සාමාජිකයන් 500 දෙනකු තෝරා ගැනීමේ අරමුණින්ය.
මැතිවරණයේ දී ‘පූතායි’ පක්ෂය මෙහෙයවීම කළේ තක්ෂින් ෂිනවාත්‍රාගේ දියණිය 37 හැවිරිදි පැටොන්ග්ට්‍රාන් ෂිනාවත්‍රාය. තක්ෂින් ෂිනවාත්‍රාගේ නැගණිය යිංග්ලක් ෂිනවාත්‍රා ද තායිලන්ත අග්‍රාමාත්‍ය ධුරය හොබවා තිබේ.
මැතිවරණයේ දී ‘පූතායි’ පක්ෂයට හෝ වෙනත් කිසිදු දේශපාලන පක්ෂයකට හෝ බහුතරය දිනා ගැනීසට නොහැකි වූ බැවින් රජයක් පිහිටුවීම සම්බන්ධයෙන් ගැටලු මතුවිය.
කෙසේ හෝ අවසානයේ ‘පූතායි’ පක්ෂය මේ වනවිට තවත් දේශපාලන පක්ෂ 10 ක් හවුල් කර ගනිමින් රජයක් පිහිටුවීමට තීරණය කර තිබේ. එම පක්ෂ අතරේ තායිලන්ත හමුදාවට සහාය දෙන පක්ෂ දෙකක් ද ඇතැයි මාධ්‍ය වාර්තා කර තිබේ.
අග්‍රාමාත්‍ය ධුරයට සුදුස්සා ලෙස ‘පූතායි’ පක්ෂය තෝරා ගෙන ඇත්තේ, පක්ෂයේ ජනප්‍රිය නායකයා වන ස්රේතා තවිසින් ය. 60 හැවිරිදි ස්රේතා තවිසින්, දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ කෝටිපති ව්‍යාපාරිකයෙකි.
2025 නොවැම්බර් මස 04
188
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2070
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1589
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
වසර 15 කට පසු තක්ෂින් ෂිනවාත්‍රා ආපසු තායිලන්තයට