
ඇමෙරිකාවට අයත් හවායි දූපත් රාජ්‍යය මායුයි සහ බිග් අයිලන්ඩ් දූපත් ළැව් ගින්නකින් බැට කෑවේය. වියලි සුළං හේතුවෙන් ළැව් ගින්න පාලනය කර ගැනීම අපහසු වූ බව ගිනි නිවන භටයෝ කියති.
මායුයි දූපතේ ළැව් ගින්නට හසුවී 6 දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. තවත් 15 දෙනකු පිළිස්සී තුවාල ලබා රෝහල් ගත කළ බව පැවැසෙයි. එසේ රෝහල්ගත කළ තිදෙනකුගේ තත්ත්වය බරපතල යැයි රෝහල් ආරංචි මාර්ග පෙන්වා දෙයි.
නිවාස රැසක් ගින්නට හසුවී දැවී අගුරු වී ඇති බව ද පැවැසෙයි. තවත් නිවාස 12,000 කට විදුලි බලය අහිමි වී තිබේ. මායුයි දුපතේ ලහයිනා නමැති මූද අද්දර පිහිටි නගරයේ වැසියන්, ළැව් ගින්නට කොටු වුණු බවත්, ඔවුන් මුහුදට පැන ගින්නෙන් බේරුණු බවත් පැවැසෙයි. ඇමෙරිකන් වෙරළාරක්ෂක නිලධාරීන් පැවැසුවේ මුහුදට පැන්න 12 දෙනකු බේරා ගත් බවය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd