IMG-LOGO

2025 සැප්තැම්බර් මස 14 වන ඉරිදා


අල් කයිඩාවට හවුල් 17 හැවිරිදි ඇමෙරිකන් දැරිය අත්අඩංගුවට

ඇමෙරිකාවේ ප්‍රහාරයක් සැලසුම් කළ, අල් කයිඩා ත්‍රස්ත සංවිධානය සමඟ සම්බන්ධකම් පැවැත් වූ 17 හැවිරිදි දැරියක අත්අඩංගුවට ගැනීමට එෆ්.බී.අයි. පරීක්ෂකයෝ සමත් වූහ.

එෆ්.බී.අයි. පරික්ෂකයන්, මෙම දැරිය අත්අඩංගුවට ගෙන ඇත්තේ පිලිඩෙල්පියා නගරයේය. පිලිඩෙල්පියා යනු පෙන්සිල්වේනියා ජනපදයේ වැඩිම ජනගහනයක් ඇති නගරයයි.

මෙම දැරිය මාස කීපයක් තිස්සේ අල් කයිඩා සංවිධානය සමඟ පණිවුඩ හුවමාරු කළ බවට එෆ්.බී.අයි. පරික්ෂකයෝ චෝදනා නගති. පරීක්ෂකයන් දැරිය අත්අඩංගුවට ගෙන ඇත්තේ ඇය ගැන විමසිල්ලෙන් පසුවීමෙන් අනතුරුවය.

අල් කයිඩා සංවිධානය කලක් ලොව බිහිසුණු ත්‍රස්ත සංවිධානයක් ලෙස සැලකිණි. 2001 සැප්තැම්බර් 11 වැනිදා ඇමෙරිකාවට පහර දුන්නේ ද අල් කයිඩාවය. එදා අල් කයිඩාවට නායකත්වය දුන්නේ ඔසාමා බින් ලාඩන්ය.

ඇමෙරිකන් බුද්ධි අංශ සහ නේවි සීල් භටයන්, බින් ලාඩන් ඝාතනය කළේ 2011 වසරේදීය. ඒ වනවිට ඔහු පාකිස්තානයේ ඇබොට්ටාබාද් නුවර නිවසක සැඟජී ජීවත් වෙමින් සිටියේය.

බින් ලාඩන්ගෙන් පසු අල් කයිඩා නායකයා ලෙස තෝරාගත් නායකයන් ද මරා දැමීමට ඇමෙරිකාව සමත් විය. අද අල් කයිඩාව ප්‍රබල ත්‍රස්ත සංවිධානයක් ලෙස පිළිගැනෙන්නේ නැත. අද ප්‍රබලතම ත්‍රස්ත සංවිධානය ලෙස සැලකෙන්නේ ‘අයි.එස්.’ හෙවත් ‘ඉස්ලාමික් ස්ටේට්’ ත්‍රස්ත සංවිධානයයි.



අදහස් (0)

අල් කයිඩාවට හවුල් 17 හැවිරිදි ඇමෙරිකන් දැරිය අත්අඩංගුවට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 368 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 103 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 791 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site