ලොව වායු දූෂණය වැඩිම නගරය ඉන්දුනීසියාවේ ජකර්තා අගනුවර යැයි ‘ගෝලීය වායු දූෂණය’ පිළිබඳ සමීක්ෂණ සිදු කරන ස්විට්සර්ලන්ත සමාගමක් පවසයි.

එම සමාගම ලොව වායු දූෂණය වැඩිම නගර පිළිබඳ නවතම වාර්තාවක් එළිදක්වා ඇති අතර, ජකර්තා ලොව වායු දූෂණය වැඩිම නගරය බවට පත් වී ඇත්තේ ඒ අනුවය.