
බොලිවුඞ් සුපිරි තරුව ෂාරුක් ඛාන් සහ හොලිවුඞ් සුපිරි තරුව ලියනාඩෝ ඩිකැප්‍රියෝ සම්බන්ධ කර ගනිමින්, චිත්‍රපටයක් නිර්මාණය කිරීමේ අදහස තමත් තවමත් බැහැර කර නැතැයි ප්‍රවීණ හොලිවුඞ් සිනමාකරු මාර්ටින් සාර්කෝසේසි පවසා තිබේ.
සාර්කෝසේසි, ෂාරුක් ඛාන් සහ ලියනාඩෝ ඩිකැප්‍රියෝ සම්බන්ධ කර ගනිමින් චිත්‍රපටයක් නිර්මාණය කිරීමට උත්සාහ ගන්නේ වසර කීපයක සිටය. කෙසේ නමුත් එම උත්සාහය මෙතෙක් සාර්ථක නොවුණු බව සාර්කෝසේසි පැහැදිලි කර ඇත.
සාර්කෝසේසිගේ චිත්‍රපටය නම් කර ඇත්තේ Xtreme City යනුවෙනි.
චිත්‍රපටය නිර්මාණය කෙරුණේ නම්, එහි පොලිස් නිලධාරියාගේ චරිතය ඩිකැප්‍රියෝ විසින් ද මැර කල්ලි නායකයාගේ චරිතය ෂාරුක් ඛාන් විසින් ද රඟ දක්වනු ඇතැයි සාර්කෝසේසි පවසා තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ කැප්රියෝ පව්...! කැප්රියෝගේ කිට්ටුවෙන් තියන්න පුළුවන්ද ශාරුක් ගොයියාව...