IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


පියාගෙන් පුතාට බලය

කාම්බෝජ මහ මැතිවරණයෙන් විශිෂ්ට ජයක් හිමි කර ගනිමින් දිගට බලයේ රැඳී සිටීමට සමත් අග්‍රාමාත හුන් සෙන් නිවේදනය කළේ තමන් අග්‍රාමාත්‍ය ධුරයේ රැඳී සිටින්නේ සති 3 ක කාලයකට පමණක් බවත්, තමන් වෙනුවට තම වැඩිමල් පුතු සොන් හුන් මනෙට් අග්‍රාමාත්‍ය ධුරය බාරගනු ඇති බවත්ය.

අග්‍රාමාත්‍ය හුන් සෙන් සහ සොන් හුන් මනෙට් නියෝජනය කරන ‘කාම්බෝජ ජනතා පක්ෂය’ පක්ෂයයි. කාම්බෝජ මහ මැතිවරණය පැවැත්වූයේ පසුගිය සති අන්තයේය.

45 හැවිරිදි සොන් හුන් මනෙට් ද පියාගේ මඟ පෙන්වීම යටතේ මහ මැතිවරණයට ඉදිරිපත් වුණු අතර ඔහුට පළමු වරට පාර්ලිමේන්තු අසුනක් දිනා ගැනීමට ද හැකිවිය. මැතිවරණ ප්‍රචාරක රැලිවලට අග්‍රාමාත්‍ය හුන් සෙන් ඉදිරිපත් වූයේ පුතු සොන් හුන් මනෙට් ද සමඟය. යළි බලයට පත්වුවහොත් පුතුට බලය පවරන බව හුන් සෙන් කල්තියා පවසා තිබුණි.

70 හැවිරිදි හුන් සෙන්, කාම්බෝජයේ අග්‍රාමාත්‍ය ධුරය හොබවන්නේ වසර 38 ක් තිස්සේය. තමන් මැතිවරණය ජයග්‍රහණය කළොත් පුතුට බලය පවරන බව හුන් සෙන්, කාම්බෝජයේ නොරෝඩොම් රජුට ද දැනුම් දී ඇති අතර, රජුගේ අනුමැතිය ද ඊට හිමිවී තිබේ.

කාම්බෝජය අග්නිදිග ආසියානු රාජ්‍යයකි. ජනගහනය මිලියන 16.59 කි. නොම් පෙන් කාම්බෝජයේ අගනුවරය.



අදහස් (3)

පියාගෙන් පුතාට බලය

de silva Wednesday, 26 July 2023 10:21 PM

පියාහෙන් පුතාට ?කාම්බෝජය ගැන කතාකර වැඩක් නැත

:       0       0

ලුම්බිණි Thursday, 27 July 2023 05:05 AM

හුන් සෙන් වෙනුවට සොන් හුන්.

:       0       1

sam Thursday, 27 July 2023 12:47 PM

එහෙත් ලංකාවේ වගේම තමයි ,මහින්ද හොරාටත් හොර පුතාටත් රජ කරන්න තමයි දඟලන්නේ .හැබැයි මෙදාපාර ඒවා බැහැ

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 445 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 248 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1035 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site