
ඉන්දියාවේ මගී දුම්රියක සිදුවුණු වෙඩි තැබීමකින් සිවු දෙනකු ජීවිතක්ෂයට පත්වුණු බව පැවැසෙයි.
වෙඩි තැබීම සිදුවී ඇත්තේ ජායිපූර් නුවර සිට මුම්බායි නුවර තෙක් ධාවනය වෙමින් තිබූ මගී දුම්රියේය.
ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ වෙඩි තැබීම කළේ ඉන්දීය පොලිස් කොස්තාපල්වරයකු බවය. සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් විමර්ශන සිදුවෙයි. වෙඩි වැදීමෙන් මියගිය එක් අයකු උසස් පොලිස් නිලධාරියකු බව ද වාර්තා වේ.
වෙඩි තැබීම කළ පොලිස් කොස්තාපල්වරයා අත්අඩංගුයට ගත් බව ද පැවැසෙයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd