දේශසීමා අර්බුදය ඇතුළු අනෙකුත් අර්බුද සම්බන්ධයෙන් ඉන්දීය රජය සමඟ සාකච්ඡා පැවැත්වීමට තමන් සූදානම් බව පාකිස්තාන අග්‍රාමාත්‍ය ෂෙහ්බාස් ෂරීෆ් පවසයි.

දෙරට අතර පවතින අර්බුදවලට විසඳුම යුද්ධය නොවේ යැයි ද අග්‍රාමාත්‍යවරයා අවධාරණය කර තිබේ.

දෙරටටම අර්බුදයක් වී ඇති විරැකියාව සහ ධරිද්‍රතාව තුරන් කිරීමට ඉන්දියාවත් පාකිස්තානයත් එකමුතු විය යුතු යැයි ද ෂෙහ්බාස් ෂරීෆ් පෙන්වා දී තිබේ.