
ඇමෙරිකාව, යුක්රේනයට ඔවුන් සතුව ඇති නියමුවන් රහිත ‘හෝනට්’ වර්ගයේ ඉතා කුඩා ඔත්තු බැලීමේ ඩ්‍රෝන යානා ලබා දී තිබේ.
‘හෝනට්’ යනු සිංහලෙන් ‘දෙබරා’ ය. ඇමෙරිකාව ‘හෝනට්’ ඩ්‍රෝන යානා යුක්රේනයට ලබා දි ඇත්තේ ඇමෙරිකන් ඩොලර් මිලියන 400 ආධාර පැකේජය යටතේය.
හැඩයෙන් ද දෙඹරකු වැනි මෙම නැනෝ ඩ්‍රෝන යානා ඇමෙරිකන් හමුදාව විසින් ඔත්තු නිරීක්ෂණ කටයුතු සඳහා භාවිතයට ගනු ලබන බව ද පැවැසෙයි. ඇමෙරිකන් හමුදාව භාවිතයට ගන්නා මෙම ඩ්‍රෝන නිපදවන්නේ නෝර්වේ රාජ්‍යයේය.
රුසියන් ආක්‍රමණය හමුවේ ඇමෙරිකාවේ සහාය හිමිවන්නේ යුක්රේන රජයට සහ හමුදාවටය.
ඇමෙරිකාව, යුක්රේනයට ලබා දුන් ඇමෙරිකන් ඩොලර් මිලියන 400 ආධාර පැකේජයට ‘හෝනට්’ ඩ්‍රෝන යානා පමණක් නොව, ගුවන් ආරක්ෂක මිසයිල, සන්නද්ධ රථ සහ තවත් කුඩා ප්‍රමාණයේ ඩ්‍රෝන යානා ඇතුළත් වෙයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd