IMG-LOGO

2025 නොවැම්බර් මස 06 වන බ්‍රහස්පතින්දා


යුක්රේනයට ‘හෝනට්’ ඩ්‍රෝන

ඇමෙරිකාව, යුක්රේනයට ඔවුන් සතුව ඇති නියමුවන් රහිත ‘හෝනට්’ වර්ගයේ ඉතා කුඩා ඔත්තු බැලීමේ ඩ්‍රෝන යානා ලබා දී තිබේ.

‘හෝනට්’ යනු සිංහලෙන් ‘දෙබරා’ ය. ඇමෙරිකාව ‘හෝනට්’ ඩ්‍රෝන යානා යුක්රේනයට ලබා දි ඇත්තේ ඇමෙරිකන් ඩොලර් මිලියන 400 ආධාර පැකේජය යටතේය.

හැඩයෙන් ද දෙඹරකු වැනි මෙම නැනෝ ඩ්‍රෝන යානා ඇමෙරිකන් හමුදාව විසින් ඔත්තු නිරීක්ෂණ කටයුතු සඳහා භාවිතයට ගනු ලබන බව ද පැවැසෙයි. ඇමෙරිකන් හමුදාව භාවිතයට ගන්නා මෙම ඩ්‍රෝන නිපදවන්නේ නෝර්වේ රාජ්‍යයේය.

රුසියන් ආක්‍රමණය හමුවේ ඇමෙරිකාවේ සහාය හිමිවන්නේ යුක්රේන රජයට සහ හමුදාවටය.

ඇමෙරිකාව, යුක්රේනයට ලබා දුන් ඇමෙරිකන් ඩොලර් මිලියන 400 ආධාර පැකේජයට ‘හෝනට්’ ඩ්‍රෝන යානා පමණක් නොව, ගුවන් ආරක්ෂක මිසයිල, සන්නද්ධ රථ සහ තවත් කුඩා ප්‍රමාණයේ ඩ්‍රෝන යානා ඇතුළත් වෙයි.



අදහස් (0)

යුක්රේනයට ‘හෝනට්’ ඩ්‍රෝන

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 211 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2077 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1592 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site