IMG-LOGO

2025 නොවැම්බර් මස 06 වන බ්‍රහස්පතින්දා


මෝදිට අභියෝග කරන්න විපක්ෂය සැරැසෙයි

ලබන 2024 වසරේ පැවැත්වෙන ඉන්දීය මහ මැතිවරණයේදී අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ප්‍රමුඛ ඔහුගේ භාරතීය ජනතා පක්ෂ සන්ධානයට, අභියෝග කිරීම සඳහා කොංග්‍රස් පක්ෂය ප්‍රමුඛ විපක්ෂ සන්ධානය මේ වනවිට සූදානම් වෙමින් සිටී.

කොංග්‍රස් පක්ෂය ප්‍රමුඛව විපක්ෂ දේශපාලන පක්ෂ 26ක නායකයන් අද (18) දකුණු ඉන්දියාවේ කර්ණාටක ප්‍රාන්තයේ බෙංගලූරු අගනුවරට රැස්වුණු බව මාධ්‍ය වාර්තා කරයි.

කොංග්‍රස් පක්ෂ සභාපති මල්ලිකාර්ජන් කාර්ගේ, නායක රාහුල් ගාන්ධි සහ සෝනියා ගාන්ධි මෙන්ම තමිල්නාඩු මහඇමති එම්.කේ ස්ටාලින්, බිහාර් මහ ඇමති නිතිෂ් කුමාර්, දිල්ලි මහ ඇමති අර්වින්ද් කෙජ්රිවාල්, ජාර්කන්ද් මහ ඇමති හෙමන්ට් සෝරන්, බටහිර බෙංගාලයේ ප්‍රධාන අමාත්‍යවරිය වන මම්තා බෙනර්ජි සහ රාෂ්ට්‍රිය ජනතා දාල් පක්ෂ නායක ලාලූ ප්‍රසාද්, විපක්ෂ සන්ධානයේ සමුළුවට එක්ව සිටින ප්‍රධාන නායකයෝ අතර වූහ.

සමුළුව ආරම්භ කරමින් කොංග්‍රස් පක්ෂ සභාපති මල්ලිකාර්ජන් කාර්ගේ පැවැසුවේ තම පක්ෂයේ අරමුණ මිළඟ මැතිවරණයෙන් බලය ලබාගැනීමට හෝ අගමැති ධුරය හිමිකර ගැනීම නොවන බවය.

මෝදිගේ රජයට තනිව බහුතර බලයක් ලබාගත නොහැකි බවත්, විපක්ෂයේ එකමුතුභාවය තුළින් ඔවුන් පැරදවිය හැකි බවත් ඔහු පෙන්වා දුන්නේය.



අදහස් (0)

මෝදිට අභියෝග කරන්න විපක්ෂය සැරැසෙයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 213 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2079 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1592 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site