
යුක්රේනයට ‘නේටෝ’ සාමාජිකත්වය හිමිවන දිනය දැන්ම කීමට නොහැකි බව ‘නේටෝ’ හෙවත් ‘උතුරු අත්ලාන්තික් ගිවිසුම් සංවිධානය’ පවසයි.
‘නේටෝ’ සාමාජිකයන් ගත් මෙම තීරණය, ‘නේටෝ’ මහ ලේකම් ජෙන්ස් ස්ටොල්ටෙන්බර්ග් යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කීට පවසා ඇති අතර, යුක්රේන ජනාධිපතිවරයා ඒ සම්බන්ධයෙන් අප්‍රසාදය පළ කර තිබේ.
‘නේටෝ’ මහ සමුළුව මේ වනවිට ලිතුවේනියාවේ විල්නුවිස් අගනුවරදී ආරම්භ විය. ‘නේටෝ’ සාමාජික රටවල නායකයෝ ඊට සහභාගී වෙති. ‘නේටෝ’ සාමාජිකයකු වීමට නම්, සියලු සාමාජික රටවල ඒකමතික කැමැත්ත හිමිවිය යුතුය.
කෙසේ නමුත් යුක්රේනයට ‘නේටෝ’ සාමාජිකත්වය ලබා දීම සම්බන්ධයෙන් තවමත් එකඟතාවක් නොමැති බැවින්, යුක්රේනයට ‘නේටෝ’ සාමාජිකත්වය ලබා දෙන දිනය කවදාදැයි දැන්ම කීමට නොහැකි බව ‘නේටෝ’ මහ ලේකම් ස්ටොල්ටෙන්බර්ග් පැවැසුවේ ඊයේ (11) දිනයේය.
මෙවර ‘නේටෝ’ මහ සමුළුවේ දී වැඩි අවධානය යොමු වූයේ ද යුක්රේනය සම්බන්ධයෙනි. රුසියාව, යුක්රේනයට එරෙහිව හමුදාමය ක්‍රියා මාර්ගයක් අනුගමනය කර ඇත්තේ ද යුක්රේනය ‘නේටෝ’ සාමාජිකත්වය අපේක්ෂා කරන බැවිනි.
‘නේටෝ’ හෙවත් ‘උතුරු අත්ලාන්තික් ගිවිසුම් සංවිධානය’ යනු බටහිර සහ යුරෝපා රටවල් එක් වී රුසියාවෙන් එල්ල වන තර්ජන පිටුදැකීමට පිහිටුවාගත් යුද සන්ධානයයි.
2025 නොවැම්බර් මස 04
216
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2081
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1592
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
යුක්රේනයට දැන්ම සාමාජිකත්වය දෙන්න බෑ