
‘බාබි’ බොනික්කන්ගේ ජීවිත කතාව ඇසුරින් නිර්මාණය කළ, තිරගතවීමට නියමිත ‘බාබි’ හොලිවුඩ් චිත්‍රපටය, වියට්නාමයේ තහනම් කිරීමට එරට බලධාරීන් තීරණය කර ඇත.
ඒ, චිත්‍රපටයේ එක් දසුනක දකුණු චීන මුහුදේ, චීනය විසින් ආක්‍රමණය කරගත් වියට්නාමය ද අයිතිය ඉල්ලන දූපත්වල සිතියමක් ඇති බැවිනි.
‘බාබි’ ප්‍රහසන චිත්‍රපටයකි. එය ග්‍රෙටා ගර්වික්ගේ අධ්‍යක්ෂණයකි.
මාග්‍රට් රූබී සහ රයන් ග්‍රොස්ලින් එහි ප්‍රධාන චරිත නිරූපණය කරති.
චිත්‍රපටය වියට්නාමයේ තිරගත වීමට නියමිතව ඇත්තේ ජූලි 21 වැනිදා සිටය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd