
‘ටයිටැනික්’ නැවේ සුන්බුන් නැරැඹීමට කිමිදෙද්දී, මුහුදු පතුළේ පීඩනයට හසුවී, පිපිරී විනාශ වූයේ යැයි සැක කෙරෙන ‘ටයිටන්’ නමැති කුඩා සබ්මැරීනයේ සිටි පස් දෙනා සම්බන්ධයෙන් සොව පළවෙමින් තිබේ. ඒ සමාජ මාධ්‍ය ඔස්සේය.
‘ටයිටන්’ සබ්මැරීනය අයත් වූයේ ‘ඕෂන්ගේට් එක්පෙඩිෂන්ස්’ සමාගමටය. ‘ටයිටැනික්’ නැවට සංචාරකයන් රැගෙන යෑම ‘ඕෂන්ගේට් එක්පෙඩිෂන්ස්’ සමාගම විසින් සිදු කරනු ලබයි.
පිපිරී විනාශ වන්න ඇතැයි සැක කෙරෙන කුඩා සබ්මැරීනයේ ‘ඕෂන්ගේට් එක්පෙඩිෂන්ස්’ සමාලමේ ප්‍රධානී 61 හැවිරිදි ස්ටොක්ටන් රෂ් ද විය. යානයේ නියමුවා ලෙස කටයුතු කළේ නාර්ජොලේය. 77 හැවිරිදි මොහු ප්‍රංශ නාවික හමුදා විශ්‍රාමික නිලධාරියෙකි. අවස්ථා ගණණාවකදී ටයිටැනික් නැවේ සුන්බුන් ගවේෂණයට ගිය අයෙකි.
සංචාරකයන් ලෙස ගමනට එක් වී සිටියේ බ්‍රිතාන්‍ය බිලියනපති 58 හැවිරිදි හමීෂ් හාර්ඩිං ය. ඊට අමතරව, සබ්මැරීනයේ බ්‍රිතාන්‍ය පාකිස්තාන ජාතික කෝටිපති ව්‍යාපාරික 48 හැවිරිදි සුලෙයිමාන් දාවුද් සහ ඔහුගේ 19 හැවිරිදි පුතු සුලෙයිමාන් ද විය.
මුහුදු පතුලේ පීඩනයට හසුවීමෙන් යානය පුපුරා ගිය බවත්, පිරිස ක්ෂණික මරණයකට ලක් වන්න ඇති බවත් ඇමෙරිකන් නාවික හමුදාව පැහැදිලි කර තිබේ.
‘ටයිටන්’ යානයේ සුන්බුන් යැයි සැක කරන කොටස් අඩි 1,600 ක් මුහුදු පතුලින් සොයා ගැනීමට රොබෝ කිමිඳුම් යානයක් සමත් වූයේ ඊයේ (22) රාත්‍රියේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දෙවියන් වහන්සේගේ කැමැත්ත .එයා තීරණය කල මේ කියන පුද්ගලයෝ පස් දෙනා ජීවත් උනා ඇති කියලා