
ටයිටැනික් නැවේ සුන්බුන් නැරැඹීමට මුහුදු පතුලට යද්දී පිපිරී විනාශ වුණු ‘ඕෂන්ගේට් එක්ස්පෙඩිෂන්ස්’ නමැති ඇමෙරිකන් සමාගමේ ‘ටයිටන්’ නමැති කුඩා සබ්මැරීනයේ කොටස් මෙන්ම එහි ගමන් කළ පස් දෙනාගේ ශේෂයන් ද හමුවී ඇතැයි විදෙස් මාධ්‍ය පවසයි.
ඇමෙරිකා සහ කැනඩා වෙරළාරක්ෂකයන්ගේ මැදිහත් වීමෙන් කිමිඳුම් යානා යවා, සබ්මැරීනයේ සුන්බුන් සහ එම අස්ථි කොටස් ගොඩනැනීම සිදුවුණු බවත් ඒවා සියල්ල කැනඩාවේ නිව්ෆවුන්ඞ්ලන්ඞ් පළාතේ, ශාන්ත ජෝන්ස් වෙරළාශිත නගරයට රැගෙන ආ බවත් පැවැසෙයි.
අත්ලාන්තික් සාගරයේ ටයිටැනික් නැව ගිලී ගියේ, ශාන්ත ජෝන්ස් නගරයේ සිට කිලෝ මීටර් 6 ක් දුරින්, මීටර් 3,800 ගැඹුරු මුහුදු පතුලේටය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අත්ලාන්තික් සාගරයේ ටයිටැනික් නැව ගිලී ගියේ, ශාන්ත ජෝන්ස් නගරයේ සිට කිලෝ මීටර් 6 ක් දුරින්, කිලෝ මීටර් 3,800 ගැඹුරු මුහුදු පතුලේටය
ඕයි කවුද මේක ලියන්නේ? කීර්ති වර්ණකුලසූරිය ගෙ මල්ලි ද? කි.මී. 3800 ගැඹුරු මුහුදේ.පිස්සුද තමුසේ ට?
අත්ලාන්තික් සාගරයේ ටයිටැනික් නැව ගිලී ගියේ, ශාන්ත ජෝන්ස් නගරයේ සිට කිලෝ මීටර් 6 ක් දුරින්, කිලෝ මීටර් 3,800 ගැඹුරු මුහුදු පතුලේටය. "කිලෝ මීටර් 3,800" - අම්මෝ කිලෝ මීටර් 3800 ක් නම් කොහොමත් මිනිස්සු ඉතුරු වෙන්නේ නෑනේ
හරියට කියවන්න...
ආරණ්‍ය වාසී භික්ෂූන් වහන්සේ නමක් අන්තර්ජාලයේ පවසා තිබුණා දැවැන්ත මත්ස්‍යයෙකු විසින් සබ්මැරීනය ගිල්ල කතාවක් ගැන.. එතරම් අධි පීඩනයක් ඇති ස්ථානයක ජීවීන් හට ජීවත්විය නොහැකි බව හෝ ලෝහ සබ්මැරීනයක් ගිල එය ජීර්ණය නොවන බව හෝ නොදන්නා උන්වහන්සේ නොදන්නා දේ කීමට යෑමෙන් භික්ෂු සංඝයාගේ ගරුත්වයටත් හානි සිදු කරන බව දත යුතුයි.
මීටර් 3800ක් කියලා පැහැදිලිව තියෙනවනේ...!
බන්ඩාරට අමු කැවිලද කොහෙද
3.8 km හෙවත් 3800 m