ටයිටැනික් නැවේ සුන්බුන් නැරැඹීමට සංචාරකයන් ද සමග අත්ලාන්තික් සාගර පතුලට යද්දී අතුරුදන් වුණු ‘ටයිටන්’ නමැති කුඩා සබ්මැරීනයේ ඔක්සිජන් ඇත්තේ තව පැය 3 කට පමණි. තවමත් සබ්මැරීනය සොයා ගැනීමට හැකි වී නැත.
සබ්මැරීනය පස් දෙනකු සමඟ අතුරුදන් වූයේ පසුගිය 19 වැනිදාය. එදා සිට මේ දක්වා පැය 24 පුරා සබ්මැරීනය සොයා මෙහෙයුම් සිදුවිය. ඒ, ඇමෙරිකන් වෙරළාරක්ෂක නිලධාරීන්ගේ මැදිහත් වීමෙනි.
මේ මොහොතේ සබ්මැරීනය සොයා ගත්තත්, ඊට ළං වී පිරිස බේරා ගැනීම ගැටලුවක් වනු ඇතැයි පැවැසෙයි. ඊට හේතුව පීඩනය පිරුණු මුහුදු පතුලට යෑමත් ආපසු ඒමත් අසීරු බැවිනි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ අපොයි, මේ අහිංසකයන් දෙයියො බලා ගනිත්වා
පැය කිහිපයයි කියන්නේ පස් දෙනාම උන්නොත් නේ ?බං බං ගාලා දෙපාරක්ම ඇහුනා කියනවනේ ?කවුද දන්නේ සිය කැමැත්තෙන් හරි අකමැත්තෙන් හරි දෙන්නෙකුට වෙඩි තිබ්බද කියලා.එහෙම උනොත් ඉතිරි කට්ටියට තව දවස් කිහිපයක් ඉන්න පුළුවන්නේ ?