
‘වැග්නර්’ කුලී හේවායන්ගේ කැරැල්ලෙන් පසු රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින්ගේ ‘ශක්තිමත්’ ප්‍රතිරූපය බිඳ වැටී ඇති බවත්, පැය 24 කට පමණක් සිමාවුණු එම කැරැල්ල හේතුවෙන් පුටින් ‘දුර්වල’ වී සිටින බවත් ජර්මන් චාන්සලර් ඕලාෆ් ෂොල්ස් පවසයි.
යුක්රේන යුද්ධයේ දී ජර්මනියේ සහාය හිමිවන්නේ යුක්රේන රජයට සහ හමුදාවටය. ජර්මනියෙන් යුක්රේන හමුදාවට අවි ආයුධ ලැබෙයි. ‘වැග්නර් කුලී හේවායන්ගේ කැරැල්ල පුටින්ට විශාල බලපෑමක් එල්ල කළ බව පැහැදිලියි. එය දීර්ඝ කාලීන බලපෑමක් වේවි යැයි මා සිතනවා’ ජර්මන් චාන්සලර්වරයා පැහැදිලි කර තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd