
පොලිස් වෙඩි පහරින්, ප්‍රංශයේ පැරිස් අගනුවර 17 හැවිරිදි තරුණයකු මියයෑමත් සමඟ පොලිසියට දැඩි විරෝධයක් එල්ල වීමට පටන්ගෙන තිබේ. පොලිසිය සමඟ ගැටෙන ප්‍රචණ්ඩකාරී විරෝධතාකරුවන් චෝදනා නගන්නේ පොලිසිය අමුඅමුවේ එම තරුණයා ඝාතනය කළ බවය.
නලීම් එම්. නමැති එම තරුණයාට පොලිසිය වෙඩි තබා ඇත්තේ ඔහු මාර්ග නීති උල්ලංඝනය කරමින් මෝටර් රථය ධාවනය කළ නිසා යැයි පොලිසිය කියයි. පොලිස් නිලධාරීන් දෙදෙනකු මෝටර් රථය නැවැත්වීමට උත්සහ ගන්නා අයුරු සහ තවත් පොලිස් නිලධාරියකු තරුණයා ඉලක්ක කර ගනිමින් ඔහුගේ හිසට වෙඩි තබන අයුරුත් දැක්වෙන ආරක්ෂක කැමරා වීඩියෝ දසුන් මේ වනවිට ප්‍රසිද්ධියට පත් වී ඇත.
පොලිස් නිලධාරීන් පවසා ඇත්තේ තරුණයා තමන් යට කිරීමට උත්සාහ කළ බැවින් ඔහුට වෙඩි තැබූ බවය. තරුණයා වෙනුවෙන් පෙනී සිටින නීතීඥවරුන් පවසා ඇත්තේ එය හිතාමතා සිදු කළ මිනිස් ඝාතනයක් බවය.
වෙඩි තැබීමට විරෝධතා ආරම්භ වූයේ පොලිස් මූලස්ථානය ඉදිරිපිට ආරම්භ වුණු විරෝධතා ප්‍රචණ්ඩ ස්වරූපයක් ගත්තේ, විරෝධතාකරුවන් විසුරුවා හැරීමට කැරැලි මර්දන පොලිසිය යෙදවීමෙන් පසුවය. කලහකාරීව හැසිරුණු පිරිස් මෝටර් රථවලට පහර දීමටත් ගිනි තැබීමටත් පටන් ගත්හ. ඔවුන් විසුරුවා හැරීමට පොලිසිය කඳුළු ගෑස් ප්‍රහාර ද එල්ල කළේ යැයි පැවැසෙයි.
2025 දෙසැම්බර් මස 04
691
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
554
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
449
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
පොලිස් වෙඩි පහරින් පැරිස් තරුණයෙක් මරුට