
ප්‍රංශයේ පැරිස් නුවර පිපිරීමක් සහ ගින්නක් හටගත්තේය. පිපිරීමට හසුවුණු සහ ගින්නෙන් පිළිස්සුනු 24 දෙනකු රෝහල්ගත කළ බව පැවැසෙයි. ගොඩනැගිලි කීපයක් පුරා ගින්න පැතිර ගියේය.
ඒවා කඩා වැටීමේ අවදානමක් පවතින බව ද පැවැසෙයි. එක ගොඩනැගිල්ලක විලාසිතා සහ ඇඳුම් නිර්මාණ පාසලක් ඇතැයි ද මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි.
තුවාල ලබා රෝහල්ගත කළ 24 දෙනාගෙන් සිවු දෙනකුගේ තත්ත්වය බරපතල යැයි පැවැසෙයි. ගින්න නිවා දැමීමට ගිනි නිවන භටයන් 230 දෙනකු සහ ලිනි නිවන ට්‍රක් රථ 70 ක් යෙදවිණි. පිපිරීමට හේතුව මෙතෙක් අනාවරණය වී නැති අතර, ඒ සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කළේ යැයි පොලිසිය පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd