
අත්ලාන්තික් සාගරයේ ගිලී ගිය ටයිටැනික් නැවේ සුන්බුන් නැරැඹීමට සංචාරකයන් රැගෙන කිමිඳෙද්දී, පිපිරී විනාශ වුණු ‘ටයිටන්’ සබ්මැරීනය සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක් පවත්වන බව ඇමෙරිකන් වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුව පවසයි.
ඇමෙරිකන් වෙරළාරක්ෂක නිලධාරී, කැප්ටන් ජේසන් නියුබෝර් බොස්ටන් නුවර මාධ්‍ය හමුවක් පවත්වමින් පැහැදිලි කළේ විමර්ශන කටයුතුවලදී කැනඩා වෙරළාරක්ෂකයන්ගේ ද සහාය ලබා ගන්නා බවය.
විමර්ශන සඳහා මුහුදු පතුලේ ඇති ටයිටන් සබ්මැරීනයේ සුන්බුන් සොයා ගැනීම සිදු කරන බවත් සිරුරු කොටස් ද සොයා ගැනීමට අපේක්ෂා කරන බවත් කැප්ටන් ජේසන් නියුබෝර් මාධ්‍ය හමුවේ වැඩිදුරටත් පැහැදිලි කළේය. එම කටයුතු සඳහා රොබෝ කිමිඳුම් යානා යොදා ගැනීමට නියමිතය.
මුහුදේ පතුළට කිමිදෙද්දී පීඩනයට හසුවී පොඩි පට්ටම් වී, ටයිටන් සබ්මැරීනය පුපුරා විනාශ වූ බව තහවුරු කළේ ඇමෙරිකන් නාවික හමුදාවය. එය සිදුවී ඇත්තේ පසුගිය 19 වැනිදාය. සබ්මැරීනය අතුරුදන් වූ අවස්ථාවේ, ඇමෙරිකන් නාවික හමුදාවට ඔවුන්ගේ සෝනාර් තාක්ෂණය ඔස්සේ පිපිරීම් හඬක් අසන්න ලැබී තිබුණි.
එම පිපිරුම් හඬ කුමක්දැයි තහවුරු වූයේ, පසුගිය 22 වැනිදා රොබෝ කිමිඳුම් යානයකට ටයිටන් සබ්මැරීනයේ සුන්බුන් කොටස් මීටර් 3,800 ක් මුහුදු පතුලේ ටයිටැනික් නැවේ සිට මීටර් 400 ක් දුරින් හමුවීමෙන් පසුවය.
මුහුදු පතුලේ පීඩනයට හසුවී, ‘ටයිටන්’ සබ්මැරීනය පොඩි පට්ටම් වී පුපුරා ගියේ නම් එසේ පිපිරෙන්න ඇත්තේ සබ්මැරීනයේ කිසියම් පැල්මක් තිබුණු නිසා යැයි විශේෂඥයෝ පැහැදිලි කරති. මේ වනවිට ටයිටන් සබ්මැරීනයේ ප්‍රමිතිය සහ ආරක්ෂාව සම්බන්ධයෙන්, ‘ඕෂන්ගේට් එක්ස්පෙඩිෂන්ස්’ සමාගමට චෝදනා එල්ල වීමට පටන්ගෙන තිබේ. ‘ඕෂන්ගේට් එක්ස්පෙඩිෂන්ස්’ ඇමෙරිකන් සාගර ගවේෂණ සහ පර්යේෂණ සමාගමකි. ‘ඕෂන්ගේට් එක්පෙඩිෂන්ස්’ සමාගම, 1921 වසරේ මුහුදුබත් වුණු ටයිටැනික් නැවේ සුන්බුන් නැරැඹීමට සංචාරකයන් රැගෙන යන්නේ එක් සංචාරකයකුගෙන් ඇමෙරිකන් ඩොලර් 250,000 ක මුදලක් අය කරමිණි.
‘ටයිටන්’ සබ්මැරීනය අනතුරට ලක්වීම මුල් කරගනිමින් ‘ඕෂන්ගේට් එක්පෙඩිෂන්ස්’ සමාගමේ අනාගතය ද මේ වනවිට අනතුරට පත් වී ඇතැයි ද පැවැසෙයි.
2025 දෙසැම්බර් මස 04
707
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
556
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
450
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
ටයිටන් සබ්මැරීන අනතුර: ඇමෙරිකාව විමර්ශන අරඹයි