IMG-LOGO

ඊජිප්තු ගිය මෝදිට උණුසුම් පිළිගැනීමක්

ඇමෙරිකන් සංචාරය අවසන් කිරීමෙන් පසු  ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ඊජිප්තුවේ නිල සංචාරයකට ගියේය. ඉන්දීය අග්‍රාමාත්‍යවරයා ඊජිප්තුවට ගියේ ඊජිප්තු ජනාධිපති අබ්දෙල් ෆාටා අල් සීසීගේ ඇරැයුමක් පිළිගනිමිනි.

ඉන්දියාව සමඟ වෙළෙඳ ගනුදෙනු කිහිපයකටත්, පුනර්ජනනීය බලශක්ති කටයුතු, තොරතුරු තාක්ෂණය සහ ඖෂධ ක්ෂේත්‍රයට අදාල ගනුදෙනු කීපයකටත් ඊජිප්තු ජනාධිපතිවරයාත් ඉන්දීය අග්‍රාමාත්‍යවරයාත් අතරේ අත්සන් තැබුණි. මෝදි සහ අල් සීසී අතර හමුව පැවැත්වූයේ කයිරෝ අගනුවර ජනාධිපති මන්දිරයේය.

ඉන්දීය අග්‍රාමාත්‍යවරයකු මෙසේ ඊජිප්තුවට පැමිණ, ද්වී පාර්ශ්වික සබඳතා තරකර ගැනීම කළේ වසර 26 කට පසුව වීම ද විශේෂත්වයකි. මෝදි සහ ඊජිප්තු ජනාධිපති අල් සීසී අතරේ සමීප මිත්‍රත්වයක් පවතී. පසුගිය ඉන්දීය නිදහස් දින උළෙලේ විශේෂ ආරාධිතයා වූයේ ද අල් සීසී ය. මීළඟ ‘ජී20’ සමුළුව පැවැත්වෙන්නේ, ඉන්දියාවේය. අල් සීසී, විශේෂ ආරාධිතයකු ලෙස ‘ජී20’ සමුළුවට සහභාගී වනු ඇතැයි ද පැවැසෙයි.

අග්‍රාමාත්‍ය මෝදි ඊජිප්තුවේ සමීප මිතුරකු බව පෙන්වා දෙමින්, ‘ඕඩර් ඔෆ් ද නයිල්’ සම්මානය මෝදිට පිරිනැමීමට ද ජනාධිපති අල් සීසී කටයුතු කළේය. ඊජිප්තු රජයෙන් පිරිනැමෙන ඉහළතම ගෞරව සම්මානය මෙය යැයි පැවැසෙයි.
ඊජිප්තු සංචාරයේ දී මෝදි, කයිරෝ අගනුවර පිහිටි, 11 වැනි සියවසේ ඉදි කෙරුණු අල් හකීම් දේවස්ථානය නැරැඹීමටත්, හෙලියෝපොලිස් පොදුරාජ්‍ය මණ්ඩලීය යුද සුසාන භූමියට ගොස් උපහාර දැක්වීටත් අමතක නොකළේය. ලෝක පුදුමයක් ලෙස ද සැලකෙන ගීසාහි පිරමීඩ නැරැඹීමට ද මෝදි ගියේය.

අල් හකීම් දේවස්ථානය වර්ග කිලෝ මීටර් 13,560 ක භූමියක ඉදිකර තිබේ. අතීතයේ මෙම දේවස්ථානය ඉදි කිරීමේ  දී ඉන්දියාවේ බෝරාවරුන්ගේ ද සහාය ලැබී තිබේ. 1970 වසරේ සිට මෙම මුස්ලිම් දේවස්ථානය නඩත්තු කරන්නේ ද බෝරා ප්‍රජාව යැයි පැවැසෙයි.



අදහස් (0)

ඊජිප්තු ගිය මෝදිට උණුසුම් පිළිගැනීමක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 381 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 543 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 227 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site