
පැය 24 ක් වැනි කෙටි කාලයකින් අවසන් වුවත්, ‘වැග්නර්’ කුලී හේවායන් රුසියන් රජයට සහ හමුදාවට එරෙහිව ආරම්භ කළ කැරැල්ල, රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින්ට එල්ල වුණු අතුල් පහරක් බවත්, එය පුටින්ගේ බල අධිකාරියට අභියෝගයට ලක් කිරීමක් බවත් ඇමෙරිකාව පවසයි.
‘ජනාධිපති පුටින් සිතාගෙන සිටියේ ඔහුට අභියෝගයක් කළ හැකි කෙනෙකු නැහැ කියලයි. ඒත් ඔහුට අභියෝගයක් වූයේ ඔහුගේම සමීපතම මිතුරා ප්‍රිගෝජින්ගෙන්. සිදුවීමට ගිය මෙම කැරැල්ල සම්බන්ධයෙන් පුටින් නිහඬයි, රුසියන් රජය නිහඬයි. පුටින්ගේ ප්‍රතිරූපයට දැඩි හානි සිදුවී තිබෙනවා’ යැයි ඇමෙරිකා රාජ්‍ය ලේකම් ඇන්තනි බ්ලින්කන් පවසා තිබේ.
‘වැග්නර්’ කුලී හේවායන් ඔවුන්ගේ කැරැල්ල ආරම්භ කළේ පසුගිය 24 වැනිදා සෙනසුරාදා දිනයේය. කුලී හේවායන් උත්සාහ කළේ මොස්කව් අගනුවර වැටලීමටය. ‘වැග්නර්’ කුලී හේවා බලඇණිය රුසියන් හමුදාවට අයත් අතිරේක බලඇණියක් ලෙස සැලකිණි. ඊට නායකත්වය දෙන යෙව්ගනි ප්‍රිගෝජින් 90 දශකයේ සිට පුටින්ගේ සමීපම මිතුරකු බව පැවැසයි.
පසුගිය සිකුරාදා (23) ප්‍රිගෝජින් රුසියන් ආරක්ෂක අමාත්‍යවරයාටත් හමුදා ප්‍රධානීන්ටත් චෝදනා කළේ රුසියන් හමුදා ප්‍රධානීන්, හිතාමතාම, සිය ‘වැග්නර්’ කුලී හේවායන්ගේ කඳවුරකට ප්‍රහාරයක් එල්ල කළ බවටය. එම ප්‍රහාරයෙන් ‘වැග්නර්’ සාමාජිකයන් බොහෝ දෙනකු මියගිය බව ද පැවැසෙයි.
ප්‍රිගෝජින් සිය හමුදාව මෙහෙයවමින් මොස්කව් අගනුවර ආක්‍රමණයට සැරැසුණේ ඉන්පසුවය. කෙසේ නමුත් අසල්වැසි බෙලරූස් රජයේ ජනාධිපති ඇලෙක්සැන්ඩර් ලුකෂෙන්කෝ මැදිහත් වී, ප්‍රිගෝජින් සහ ඔහුගේ කුලී හේවා සාමාජිකයන්ට බෙලරූස් පැමිණෙන්නැයි අරැයුම් කළේය. ඒ අනුව ප්‍රිගෝජින් ඇතුළු ‘වැග්නර්’ බලඇණිය බෙලරූසයට පිටුවහල් විය. ප්‍රිගෝජින් ට එල්ල වුණු සියලු අපරාධ චෝදනා ඉවත දැමීමට රුසියන් රජය තීරණය කළේය.
2025 නොවැම්බර් මස 04
220
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2081
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1593
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
පුටින්ට එල්ල වුණේ අතුල් පහරක්