
‘වැග්නර්’ කුලි හේවායන්ගේ කැරැල්ල හේතුවෙන් රුසියාවේ ව්‍යාකූල තත්ත්වයක් නිර්මාණය වීම ගැන යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කී සතුට පළ කරයි.
යුක්රේන ජනාධිපති සෙලෙන්ක්සී මෙසේ සතුට පළ කළේ ඩොනෙස්ක් පළාතේ යුද පෙරමුණට ගොස් යුක්රේන සෙබළුන් හමුවී සහඳ කතාබහක නියැලීමෙන් ද පසුවය.
ඇමෙරිකාව ප්‍රමුඛ බටහිර රටවලින් මේ වනවිට යුක්රේන රජයට මුදල් ආධාර පමණක් නොව, අවි ආයුධ ද ලැබී ඇත. යුක්රේන හමුදාව, එම අවි ආයුධවලින් රුසියානු හමුදාවට ප්‍රතිප්‍රහාර එල්ල කරයි. නැගෙනහිර යුක්රේනයේ රුසියන් හමුදා ග්‍රහණයේ පැවැති නගර සහ පළාත් කීපයක් මුදා ගැනීමට යුක්රේන හමුදාව සමත් වී ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd