IMG-LOGO

2025 මැයි මස 15 වන බ්‍රහස්පතින්දා


කැරැලි ගසන්න කුලී හේවායන් උසි ගැන්නුවේ ඇමෙරිකාව

කැරැලි ගැසීමට ‘වැග්නර්’ කුලී හේවායන් උසි ගැන්වූයේ ඇමෙරිකාව යැයි රුසියාව චෝදනා කරයි. රුසියාව වැඩි දුරටත් චෝදනා කර ඇත්තේ, කැරැල්ල පසුපස ඇමෙරිකන් සී.අයි.ඒ. ඒජන්තවරුන් සිටින බවය.

යුක්රේනට එරෙහිව ගෙන යන හමුදාමය ක්‍රියාමාර්ගය හේතුවෙන්, ඇමෙරිකා සී.අයි.ඒ. ඒජන්තවරුන්, යුක්රේන රජය සහ රුසියන් විරෝධී බටහිර රටවල් සමඟ එක් වී, රුසියාවේ ව්‍යාකූල තත්ත්වයක් නිර්මාණය කිරීමට කුමන්ත්‍රණය කරනවා යැයි ද රුසියානු රජය වැඩි දුරටත් පැවැසීය.

පැය 24 ක් වැනි කෙටි කාලයකින් අවසන් වුවත්, ‘වැග්නර්’ කුලී හේවායන් රුසියන් රජයට සහ හමුදාවට එරෙහිව ආරම්භ කළ කැරැල්ල, රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින්ට එල්ල වුණු අතුල් පහරක් බවත්, එය පුටින්ගේ බල අධිකාරියට අභියෝගයට ලක් කිරීමක් බවත් යුක්රේනය පවසා තිබේ.

‘වැග්නර්’ කුලී හේවායන් ඔවුන්ගේ කැරැල්ල ආරම්භ කළේ පසුගිය 24 වැනිදා සෙනසුරාදා ය. කුලී හේවායන් උත්සාහ කළේ මොස්කව් අගනුවර වැටලීමටය. ‘වැග්නර්’ කුලී හේවා බලඇණිය රුසියන් හමුදාවට අයත් අතිරේක බලඇණියක් ලෙස සැලකෙයි. ඊට නායකත්වය දෙන යෙව්ගනි ප්‍රිගෝජින් 90 දශකයේ සිට පුටින්ගේ සමීපම මිතුරෙක් විය.

පසුගිය සිකුරාදා (23) ප්‍රිගෝජින් රුසියන් ආරක්ෂක අමාත්‍යවරයාටත් හමුදා ප්‍රධානීන්ටත් චෝදනා කළේ රුසියන් හමුදා ප්‍රධානීන්, හිතාමතාම, සිය ‘වැග්නර්’ කුලී හේවායන්ගේ කඳවුරකට ප්‍රහාරයක් එල්ල කළ බවටය. එම ප්‍රහාරයෙන් ‘වැග්නර්’ සාමාජිකයන් බොහෝ දෙනකු මියගිය බව ද පැවැසෙයි.

ප්‍රිගෝජින් සිය හමුදාව මෙහෙයවමින් මොස්කව් අගනුවර ආක්‍රමණයට සැරැසුණේ ඉන්පසුවය. කෙසේ නමුත් අසල්වැසි බෙලරූස් රජයේ ජනාධිපති ඇලෙක්සැන්ඩර් ලුකෂෙන්කෝ මැදිහත් වී සාකච්ඡා පවත්වා ප්‍රිගෝජින් බෙලරූස් රාජ්‍යයට ගෙන්වා ගැනීමට කටයුතු කළේය.

තමන් බෙලැරූසට පිටුවහල් වන බව පවසමින් ප්‍රිගෝජින් ඉලලා සිටියේ තම කුලී හේවායන් රුසියන් රජයට බඳවා ගන්නා ලෙසය. රුසියන් ආරක්ෂක අමත්‍යාංශය ඊට එකඟ වුණු අතර, ප්‍රිගෝජින් ට එල්ල කළ සියලු අපරාධ චෝදනා ඉවත දැමීමට රුසියන් රජය පියවර ගත්තේය.

රුසියාව යුක්රේනයට එරෙහිව හමදා ක්‍රියාමාර්ගයක් අනුගමනය කළ අවස්ථාවේදී රුසියන් හමුදාවට සහාය දෙමින් නැගෙනහිර යුක්රේනයේ පළාත් සහ නගර රැසක් අත්පත් කර දීමට ‘වැග්නර්’ කුලී හේවායෝ සමත් වී සිටිති.



අදහස් (0)

කැරැලි ගසන්න කුලී හේවායන් උසි ගැන්නුවේ ඇමෙරිකාව

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 1523 2
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 1666 4
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 444 2
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

Our Group Site