
නවසීලන්තයේ හිටපු අග්‍රාමාත්‍ය ජැසෙන්ඩා එර්ඩර්න්ට එරට ඉහළම ගෞරව සමමානය පිරිනමා තිබේ. ඒ ඇය අග්‍රාමාත්‍යවරිය ලෙස ලබා දුන් නායකත්වය විශේෂ ඇගයීමට ලක් කරමිණි.
ක්‍රයිස්ට්චර්ච් නුවර මුස්ලිම් පල්ලියට සුදු අන්තවාදියකු කඩා වැදී වෙඩි තැබුවේත්, නවසීලන්තය ‘කොවිඩ් 19’ වසංගතයට මුහුණ දුන්නේත් ජැසෙන්ඩා අග්‍රාමාත්‍ය ධුරය හොබවද්දීය.
2019 වසරේ සිදුවුණු එම සුදු අන්තවාදී ප්‍රහාරයෙන් පසු රට තුළ වාර්ගික සමගිය පවත්වාගෙන යෑමට ජැසෙන්ඩා කටයුතු කළාය. ‘කොවිඩ් 19’ වසංගතය හමුවේ රට ලොක්ඩවුන් කරමින්, සෞඛ්‍ය අංශ ලබා දුන් උපදෙස් මනා ලෙස පිළිපැඳීමට ජැසෙන්ඩා බලධාරීන්ට සහ ජනතාවට උපදෙස් දුන්නාය. මේ හේතුව නිසා ඇය ලෝක සෞඛ්‍ය සංධොනයේ ද පැසැසුමට ලක් වූවාය.
42 හැවිරිදි ජැසෙන්ඩා අග්‍රාමාත්‍ය ධුරයෙන් මෙන්ම පාලක පක්ෂයේ නායකත්වයෙන් ද ඉල්ලා අස්වූයේ මෙම වසර මුලදීය. ඒ, තමන් දේශපාලනයෙන් සමුගෙන තම දියණිය වෙනුවෙන් කැප වෙනවා යැයි පවසමිනි.
(රොයිටර්)
2025 නොවැම්බර් මස 04
222
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2083
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1594
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ජැසෙන්ඩාට ඉහළම ගෞරව සම්මානය