IMG-LOGO

2025 නොවැම්බර් මස 07 වන සිකුරාදා


වේල්ල කැඩී යෑමෙන් 42,000 ක් අවතැන්

යුක්රේනයේ නෝවා කහෝව්කා වේල්ල කැඩී යෑමත් සමඟ මහා ජල කඳට හසුවීමෙන් ගම්මාන සහ නගර 80 ක් මුළුමනින්ම විනාශ විය. උන්හිටිතැන් අහිමිවුණු ගණන 42,000 කි.

වේල්ල කැඩී විනාශ වූයේ ආක්‍රමණික රුසියන් හමුදා එය පුපුරුවා හැරීමෙන් යැයි යුක්රේන රජය සහ හමුදාව චෝදනා කර ඇති නමුත්, රුසියාව සහ රුසියන් හමුදාව මෙම චෝදනා ප්‍රතික්ෂේප කර තිබේ. ඇමෙරිකාව ද පවසා ඇත්තේ වේල්ල කැඩී ගියේ කෙසේදැයි තමන් ද හරිහැටි නොදන්නා බවය.

වේල්ල කැඩී මහා ජල කඳින් නිවාස යටවෙද්දී යුක්රේන වැසියෝ නිවාසවල වහලවලට නැග ගත්හ. ජල කඳට කොටු වී වහල මත සිරවුණු වැසියන් මුදා ගැනීම ගැටලුවක් වී ඇතැයි යුක්රේන රජය පැවසීය. වේල්ල කැඩී යෑමත් සමඟ නිකුත් වූ මහා ජල කඳ කළ විනාශය චන්ද්‍රිකා ඡායාරූපවලින් ද දකින්න ලැබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

නෝවා කහෝව්කා යනු යුක්රේනයේ ප්‍රධාන වේල්ලකි. වේල්ල ඉදි කර ඇත්තේ ජල විදුලි බලාගාරයක් වෙනුවෙනි. යුක්රේනයේ විදුලි බල පද්ධතියට මෙම බලාගාරයෙන් එක් කෙරෙන විදුලි ධාරිතාව මෙගාවොට් 357 කි. වේල්ල කැඩී යෑමෙන් පසු බලාගාරයේ කටයුතු අඩපණ වී ඇතැයි ද පැවැසෙයි.

යුක්රේනයේ න්‍යෂ්ටික බලාගාරවලට අවශ්‍ය උණුසුම් ජලය ලබා ගැනීම සිදුවූයේ ද මෙම වේල්ල අයත් ජලාශයෙනි. ඒ අනුව, න්‍යෂ්ටික බලාගාරවල කටයුතු ද අඩපණ වෙමින් පවතින බව වාර්තා වේ. වේල්ල කැඩඩීපහත් බිම් යටවී යද්දී බොහෝ දෙනකු ආරක්ෂිත ස්ථානවලට ගිය බව පැවැසෙයි. එසේ වුවත්, ජල පහරට හසුවීමෙන් අතුරුදන් වූ පුද්ගලයන් ගැන ද වාර්තා වේ.

නෝවා කහෝව්කා වේල්ල කැඩී සිදුවුණු විනාශය සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මහ ලේකම් ඇන්තොනියෝ ගුටරේස් මෙන්ම එක්සත් ජාතීන්ගේ මානුෂීය ආධාර සැපැයීමේ කටයුතු පිළිබඳ ප්‍රධානී මාටින් ග්‍රිෆිත් සිය කනස්සල්ල පළ කර තිබේ. රුසියන් ප්‍රහාරවලින් බැටකමින්, වේල්ලේ ජල ප්‍රහරට හසුවී විපතට පත් වුණු යුක්රේන වැසියන්ට ආධාර අවශ්‍ය බව මහ ලේකම් ඇන්තෝනියෝ ගුටරේස් පවසා තිබේ.



අදහස් (0)

වේල්ල කැඩී යෑමෙන් 42,000 ක් අවතැන්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 222 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2083 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1594 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site