
බ්‍රිතාන්‍යයේ හිටපු අග්‍රාමත්‍ය බොරිස් ජොන්සන් සිය පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයෙන් ඉල්ලා අස්විය.
බ්‍රිතාන්‍යයේ අග්‍රාමාත්‍ය ධුරය හිමිවන්නේ, පාලක පක්ෂයේ නායකයාටය. පසුගිය ‘කොවිඞ්’ වසංගත සමයේ, අග්‍රාමාත්‍ය ධුරයේ කටයුතු කරද්දී, ජොන්සන් සෞඛ්‍ය අංහ පැනැවූ නීති උල්ලංඝනය කරමින් සිය නිවසේ මධුවිත සාද පැවැත්වීය.
ඊට අප්‍රසාදය එල්ල වෙද්දී, පක්ෂ නායකත්වය මෙන්ම අග්‍රාමාත්‍ය ධුරය ද ජොන්සන්ට අහිමි විය. සෞඛ්‍ය නීති උල්ලංඝනය සම්බන්ධයෙන්, පාර්ලිමේන්තු වරප්‍රසාද කමිටුව මේ වනවිට විමර්ශනයක් ආරම්භ කර තිබේ. මන්ත්‍රී ධුරයෙන් ඉවත් වීමට ජොන්සන් තීරණය කළේ නිසා යැයි මාධ්‍ය වාර්තා කර ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අන්න ඒකට අපේ ජොන්සන්ලා .මකබෑවෙනකම් යන්නේ නැහැ