
රුසියන් ආක්‍රමණය හමුවේ, යුක්රේනයට සහාය පළ කරන බව පෙන්වීමට, කැනඩා අග්‍රාමාත්‍ය ජස්ටින් ටෲඩෝ යුක්රේනයේ කීව් අගනුවර බලා පැමිණියේය.
ආරක්ෂක හේතූන් සැලකිල්ලට ගනිමින්, කැනඩා අග්‍රාමාත්‍යවරයාගේ යුක්රේන සංචාරය සම්බන්ධයෙන් පෙර දැනුම් දීමක් සිදු නොවිණි. යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කීගෙන් කැනඩා අග්‍රාමාත්‍යවරයාට හිමිවූයේ උණුසුම් පිළිගැනීමකි.
කැනඩාව ද නේටෝ සාමාජිකයෙකි. රුසියාව යුක්රේනයට එරෙහිව හමුදා ක්‍රියාමාර්ගයක් ආරම්භ කළේ යුක්රේනය නේටෝ සාමාජිකත්වය අපේක්ෂා කරන බැවිනි. නේටෝ යනු ඇමෙරිකාව, කැනඩාව සහ සෙසු යුරෝපා රටවල් එක් වී රුසියාවට එරෙහිව පිහිටුවාගත් යුද සන්ධානයයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd