
ලෝකයේ වායු ගුණත්ව දර්ශකයට අනුව, ලොව වායු දූෂණය වැඩිම නගරය බවට පත් වී ඇත්තේ ඇමෙරිකාවේ නිව්යෝක් බව විදෙස් මාධ්‍ය පවසයි.
මේ වනවිට නිව්යෝක් නගරයේ වායු ගුණත්වය සෞඛ්‍යයට අහිතකර අගයක් දක්වා වර්ධනය වී ඇති බවත්, එය බරපතල තත්ත්වයක් බවත් විද්‍යාඥයෝ අනතුරු අගවති.
නිව්යෝක් නුවර මේ අයුරින් වායු දූෂණයට හේතුව කැනඩාවේ ප්‍රාන්ත කීපයක පාලනය කිරීමට නොහැකි අයුරින් පැතිරෙන ළැව් ගිනි යැයි කාලගුණ විද්‍යාඥයෝ පැහැදිලි කරති.
මේවනතුරු ලෝකයේ වායු ගුණත්ව දර්ශකයට අනුව පළමු සහ දෙවැනි ස්ථානයේ පැවැතියේ ඉන්දියාවේ නවදිල්ලි අගනුවර සහ චීනයේ බෙයිජීං අගනුවරය.
නව වායු ගුණත්ව දර්ශකයට අනුව, නිව්යෝක් නගරය අංක 1 ස්ථානයට පත් වෙද්දී, නවදිල්ලිය දෙවැනි ස්ථානයටත්, බෙයිජීං අගනුවර තෙවැනි ස්ථානයටත් පත් වී ඇත.
මේ වනවිට ඇමෙරිකාවේ මිනසෝටා සහ විස්කොන්සින් ප්‍රාන්තවල වායු දූෂණය ද අහිතකර තත්ත්වයට පත් වී ඇතැයි ඇමෙරිකන් කාලගුණ විද්‍යාඥයෝ වැඩි දුරටත් අනතුරු අඟවා තිබේ.
නිව්යෝක් යනු ඇමෙරිකාවේ වඩාත්ම ජනාකීර්ණ නගරයයි. වර්ග කිලෝ මීටර් 778.2 පුරා පැතිර පවතී. නිව්යෝක් නගරයේ ජනගහනය 8,800,000 ඉක්මවයි. නිව්යෝක් නගරය ඇත්තේ, නිව්යෝක් ප්‍රාන්තයේ දකුණු කෙළවරය. නිව්යෝක් නගරය ඇමෙරිකාවේ ආර්ථික කේන්ද්‍රස්ථානයයි.
2025 නොවැම්බර් මස 04
222
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2083
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1594
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ලොව වායු දූෂණය වැඩිම නගරය නිව්යෝක්