
ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන් දත් කැක්කුමකින් පීඩාවට පත් වී සිටි බවත්, ධවල මන්දිරයට ආ දන්ත වෛද්‍ය කණ්ඩායමක් එම දත පරීක්ෂා කර එය පිරවීමට කටයුතු කළ බවත් ධවල මන්දිර වෛද්‍ය කෙවින් ඕ කොනර් මාධ්‍ය හමුවේ පැවැසුවේය.
දත පිරවීම සිදුවූයේ හිරිවට්ටමිනි. දත පිරවීමේ දී බයිඩන් සිහිසුන් කළා නම්, ඇමෙරිකන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව, එම කාලයේ ජනාධිපති ධුරය උප ජනාපධිතිනී කමලා හැරිස්ට පැවැරෙනු ඇත.
80 හැවිරිදි ජෝ බයිඩන්, ඇමෙරිකන් ජනාධිපති ධුරයේ කටයුතු කරන වයස්ගතම පුද්ගලයාය. එලැඹෙන 2024 වසරේ යළි ජනාධිපති ධුරය වෙනුවෙන් තරග වැදීමට බයිඩන් සූදානමින් සිටී.
දෙවැනි ධුරය කාලය සම්පූර්ණ කිරීමට බයිඩන්ට හැකිවුවහොත්, ඔහු ධුර කාල දෙකම සම්පූර්ණ කරද්දී, වයස අවුරුදු 86 ක් වනු ඇතැයි ඇමෙරිකන් මාධ්‍ය වාර්තා කර තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd