
නොබෙල් සාම ත්‍යාගයෙන් ද පිදුම් ලැබූ, පාකිස්තාන ජාතික බාලිකා අධ්‍යාපනය වෙනුවෙන් හඬ නගන, මානව ක්‍රියාකාරිනී මලාලා යූසොෆ්සායි සැමියා ද සමඟ බ්‍රසීලයේ සංචාරයක නියැලෙයි.
25 හැවිරිදි මලාලා යූසොෆ්සායි විවාහ වී සිටින්නේ පාකිස්තාන ජාතික අසීර් මලීක් සමඟය. 27 හැවිරිදි අසීර් මලීක්, පාකිස්තාන ක්‍රිකට් පාලක මණ්ඩලයේ සාමාන්‍යාධිකාරීවරයෙකි.
විවාහයෙන් පසු මලාලා බ්‍රසීලයේ සංචාරයක නියැලෙන පළමු අවස්ථාව මෙය යැයි පැවැසෙයි. බ්‍රසීලයේ ආදිවාසී ගෝත්‍රික දරුවන්ගේ අධ්‍යාපන කටයුතු වෙනුවෙන් ද මලාලා අවස්ථා ගණනාවකදී හඬ නගා ඇත. ඒ, එක්සත් ජාතීන්ගේ විශේෂ නියෝජිතවරිය ලෙසය.
කුඩා කළ මලාලා ජීවත් වූයේ පාකිස්තානයේ ස්වාත් නිම්නයේය. මලාලාගේ පියා ගුරුවරයෙකි. ස්වාත් නිම්නයේ ක්‍රියාත්මක වූයේ පාකිස්තාන තලේබාන්වරුන්ගේ ආධිපත්‍යය සහ ඔවුන්ගේ ෂරියා නීතියයි. ඒ අනුව බාලිකා අධ්‍යාපනය තහනම් විය.
පාසල් දැරියක වුණු මලාලා බාලිකා අධ්‍යාපනය වෙනුවෙන් හඬ නගන්න වූයේ බීබීසී උර්දු ගුවන් විදුලි සේවය හරහාය. මලාලා කවුරුන්දැයි හඳුනා ගත් තලේබාන් හිතවාදියෙකු මලාලාගේ පාසල් වෑන් රියට ගොඩ වී ඇය කවුරුන්දැයි විමසමින් ඇය අසලට පැමිණ මලාලාගේ හිසට වෙඩි තැබුවේය. ඒ, 2012 ඔක්තෝබර් 9 වැනිදාය. එවිට මලාලාගේ වයස අවුරුදු 15 කි.
බරපතල තුවාල ලැබූ මලාලා වහාම බ්‍රිතාන්‍යයට ගෙන්වා ප්‍රතිකාර ලබා දීමට මැදිහත් වූයේ එවකට බි්‍රතාන්‍ය අග්‍රාමාත්‍යවරයා ලෙස කටයුතු කළ ඬේවිඞ් කැමරන්ය. ඒ අනුව, මලාලා, ඇගේ සව සහ පියා මෙන්ම සොහොයුරා ද බ්‍රිතාන්‍යයේ පදිංචියට ගියහ.
බාලිකා අධ්‍යාපනය වෙනුවෙන් හඬ නැගීම හේතුවෙන් මලාලා ජාත්‍යන්තර වශයෙන් ඇගයීමට ලක් විය. ඇය එක්සත් ජාතීන්ගේ තානාපතිවරියක බවට පත්වූවාය. කැනඩා රජයේ විශේෂ ඇගැයීමකට ඇය ලක්වූවාය. ඇය කැනඩා පාර්ලිමේන්තුව පවා ආමන්ත්‍රණය කළාය. මලාලාට මහා බ්‍රිතාන්‍යයේත් කැනඩාවේත් පුරවැසිභාවය හිමිවී තිබේ. මලාලා විවාහ වූයේ 2021 නොවැම්බර් 10 වැනිදාය. මලාලාට නොබෙල් සාම ත්‍යාගය හිමිවූයේ 2014 වසරේදීය.
(රොයිටර්)
2025 නොවැම්බර් මස 04
222
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2083
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1594
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
මලාලා යූසොෆ්සායි බ්‍රසීලයේ සංචාරයක