IMG-LOGO

2025 සැප්තැම්බර් මස 14 වන ඉරිදා


නේපාල අගමැති දාල් ඉන්දියාවේ සංචාරයක

නේපාල අග්‍රාමාත්‍ය පුෂ්ප කමල් දාල්, නියෝජිත කණ්ඩායමක් ද පිරිවරා ගනිමින්, සිවුදින නිල සංචාරයකට, ඉන්දියාවට පැමිණියේය. ඉන්දීය රජයෙන් නේපාල අග්‍රාමාත්‍යවරයා ඇතුළු නියෝජිත පිරිසට උණුසුම් පිළිගැනීමක් හිමිවිය.

පුෂ්ප කමල් දාල් යළිත් වරක් නේපාල අග්‍රාමාත්‍ය ධුරයට පත්වූයේ පසුගිය වසරේ දෙසැම්බරයේය. ඉන්පසු ඔහු විදෙස් සංචාරයක නියැලෙන පළමු අවස්ථාව මෙයයි. මීට පෙර, 2008 වසරේ දී, නේපාල අග්‍රාමාත්‍ය ධුරය හොබවද්දී, පුෂ්ප කමල් දාල් අවස්ථා දෙකකදී ඉන්දියාවේ නිල සංචාර සඳහා පැමිණ තිබේ.

ද්වී පාර්ශ්වික සබඳතා ශක්තිමත් කර ගනිමින්, බලශක්ති ක්ෂේත්‍රය සම්බන්ධයෙන් සහ නේපාලයට ඉහළින් නව ගුවන් මාර්ග ඇතිකර ගැනීම සම්බන්ධයෙන් ද නේපාල අග්‍රාමාත්‍යවරයා ඉන්දීය රජය සමඟ සාකච්ඡා පැවැත්වීමට නියමිතය.

මේ වනවිටත්, නේපාලයේ ජල විදුලි ව්‍යාපෘති කීපයකට ඉන්දීය රජයේ අනුග්‍රහය හිමිවෙයි. මෙගාවොට් 42,000ක් දක්වා ජල විදුලිය නිපදවීමේ හැකියාව ඇති නේපාලය, තම දේශීය ඉල්ලුම වන මෙගාවොට් 2,000ට සාපේක්ෂව ලබන වසර වන විට මෙගාවොට් 3,500ක් පමණ නිෂ්පාදනය කිරීමට බලාපොරොත්තු වෙයි.

68 හැවිරිදි පුෂ්ප කමල් දාල්, දේශපාලනයට පිවිසීමට පෙර, මාඕවාදී කැරැලි නායකයෙක් විය. බිහිසුණු නායකයකු වුණු ඔහු ‘ප්‍රචණ්ඩා’ යන නමින් එදා හැඳින්විය. ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සහ පුෂ්ප කමල් දාල් අතරේ යහපත් සබඳතා පවතී. 2014 වසරේ ඉන්දීය අග්‍රාමාත්‍ය ධුරයට පත්වීමෙන් පසු මෝදි අවස්ථා පහකදී නේපාලයේ සංචාරය කළේය. මෝදි අවසන් වරට නේපාලයට ගියේ පසුගිය 2022 වසරේදීය.

(රොයිටර්)



අදහස් (0)

නේපාල අගමැති දාල් ඉන්දියාවේ සංචාරයක

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්



’’අනුර ගෝ ගම පටන් ගත්තා’’
2025 අගෝස්තු මස 26 18060 35

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 12764 18

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 10819 30

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 454 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 135 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 810 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site