IMG-LOGO

2025 සැප්තැම්බර් මස 14 වන ඉරිදා


උතුරු කොරියා චන්ද්‍රිකාව මුහුදට කඩා වැටේ

අසල්වැසි දකුණු කොරියාවටත්, ජපානයටත් අනතුරක් වන ආකාරයට, උතුරු කොරියාව පෘථිවි කක්ෂයට යැවීමට උත්සහ කළ ඔත්තු නිරීක්ෂණ චන්ද්‍රිකාව ගුවන්ගත කර මිනිත්තු කීපයකින් මුහුදට කඩා වැටුණි.

මෙම චන්ද්‍රිකාව, උතුරු කොරියානු හමුදාව, ඔවුන්ගේ තාක්ෂණය භාවිතයෙන් නිපදවන ලද්දකි. චන්ද්‍රිකාව රොකට්ටුවක ආධාරයෙන්, පෘථිවි කක්ෂයට යැවීම කළේ උතුරු කොරියාවේ වේලාවෙන් උදෑසන 6.29 යැයි ද පැවැසෙයි.

මුහුදට වැටුණු චන්ද්‍රිකාවේ සුන්බුන් දකුණු කොරියානු වෙරළාරක්ෂක නිලධාරීන්ට හමුවී ඇතැයි විදෙස් පුවත් සේවා පැවැසීය. චන්ද්‍රිකාව ඉදිරි දින 12 ක කාලය ඇතුළත පෘථිවි කක්ෂයට යවන බව උතුරු කොරියා නායක කිම් ජොන් උන් නිවේදනය කළේ පසුගිය 28 වැනිදාය.

ඒ සමඟ ජපානයත් දකුණු කොරියාවත් චන්ද්‍රිකාව ගුවන්ගත කිරීම සම්බන්ධයෙන් දැඩි විමසිල්ලෙන් පසුවය. හේතුව චන්ද්‍රිකාව උඩු ගුවනට ගෙන යන රොකට්ටුවේ ගමන් මඟ වෙනස් වුවහොත් එය දකුණු කොරියාවට හෝ ජපානයට හෝ කඩා වැටීමට ඉඩ තිබුණු බැවිනි.

(රොයිටර්)



අදහස් (1)

උතුරු කොරියා චන්ද්‍රිකාව මුහුදට කඩා වැටේ

prasanna Wednesday, 31 May 2023 03:42 PM

අපි මතක් වෙනවා මහින්දගේ පොඩි කෙනාගේ චන්ද්‍රිකාව... ඒක එයා ඇරියේ නැහැ ගිල්ලා..!

:       0       3

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්



’’අනුර ගෝ ගම පටන් ගත්තා’’
2025 අගෝස්තු මස 26 18060 35

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 12766 18

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 10819 30

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 454 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 135 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 810 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site