තම ‘ට්විටර්’ සමාගමේ ප්‍රධාන විධායක ධුරයෙන් ඉවත් වීමට තීරණය කළ බවත්, එම ධුරයට ලින්ඩා යකැරිනෝ පත් කළ බවත් ‘ටිවිටර්’ සමාගම මිලට ගෙන සිටින බිලියනපති ව්‍යාපාරික ඉලොන් මස්ක් පවසා තිබේ.
මස්ක් මේ බව පවසා ඇත්තේ ද සිය නිල ට්විටර් ගිණුම ඔස්සේ විශේෂ ප්‍රකාශයක් කරමිණි. දැන්වීම් ක්ෂේත්‍රයේ හසල අත්දැකීම් ඇති ලින්ඩා යකැරිනෝ තව සති 6 කින් ‘ට්විටර්’ සමාගමේ නව ප්‍රධාන විධායක නිලධාරියා ලෙස රාජකාරි ආරම්භ කරනු ඇතැයි ඉලොන් මස්ක් පැහැදිලි කර තිබේ.
ලින්ඩා දශකයකට වැඩි කාලයක් ‘එන්බීසී යුනිවර්සල්’ රූපවාහිනී සමාගමේ ප්‍රධානියා ලෙස කටයුතු කළාය. දැන්වීම් ක්ෂේත්‍රයේ ප්‍රවීණයකු ලෙස ලින්ඩා යකැරිනෝ ප්‍රකටය. ලින්ඩා, ලිබරල් කලා සහ විදුලි සංදේශ හැදෑරූ පෙන් රාජ්‍ය විශ්ව විද්‍යාලයේ ආදි සිසුවියක යැයි ඇමෙරිකන් මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි.
(රොයිටර්)
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
‘ට්විටර්’ සමාගමට නව ප්‍රධානියෙක්