
තම ‘ට්විටර්’ සමාගමේ ප්‍රධාන විධායක ධුරයෙන් ඉවත් වීමට තීරණය කළ බවත්, එම ධුරයට ලින්ඩා යකැරිනෝ පත් කළ බවත් ‘ටිවිටර්’ සමාගම මිලට ගෙන සිටින බිලියනපති ව්‍යාපාරික ඉලොන් මස්ක් පවසා තිබේ.
මස්ක් මේ බව පවසා ඇත්තේ ද සිය නිල ට්විටර් ගිණුම ඔස්සේ විශේෂ ප්‍රකාශයක් කරමිණි. දැන්වීම් ක්ෂේත්‍රයේ හසල අත්දැකීම් ඇති ලින්ඩා යකැරිනෝ තව සති 6 කින් ‘ට්විටර්’ සමාගමේ නව ප්‍රධාන විධායක නිලධාරියා ලෙස රාජකාරි ආරම්භ කරනු ඇතැයි ඉලොන් මස්ක් පැහැදිලි කර තිබේ.
ලින්ඩා දශකයකට වැඩි කාලයක් ‘එන්බීසී යුනිවර්සල්’ රූපවාහිනී සමාගමේ ප්‍රධානියා ලෙස කටයුතු කළාය. දැන්වීම් ක්ෂේත්‍රයේ ප්‍රවීණයකු ලෙස ලින්ඩා යකැරිනෝ ප්‍රකටය. ලින්ඩා, ලිබරල් කලා සහ විදුලි සංදේශ හැදෑරූ පෙන් රාජ්‍ය විශ්ව විද්‍යාලයේ ආදි සිසුවියක යැයි ඇමෙරිකන් මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි.
(රොයිටර්)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd