IMG-LOGO

2025 නොවැම්බර් මස 07 වන සිකුරාදා


ඇමෙරිකාවේ ‘කොවිඩ්’ හදිසි තත්ත්වය ඉවතට

වසර 3 ක් සහ දින 100 කට පසු,‘කොවිඩ් 19’ වසංගතය හේතුවෙන් ඇමෙරිකාවේ පැවැති මහජන හදිසි තත්ත්වය ඉවත් කිරීමට එරට වසංගත රෝග පාලනය සහ වැළැක්වීමේ මධ්‍යස්ථානය තීරණය කර තිබේ.

මේ වනවිට ‘කොවිඩ් 19’ වයිරස වසංගතය හේතුවෙන් ගෝලීය වශයෙන් පනවා තිබූ මහජන හදිසි තත්ත්වය ඉවත් කිරීමට ලෝක සෞඛ්‍ය සංවිධානය පියවර ගෙන ඇත. ඒ, වයිරසයේ සැර බාලවීම හේතුවෙනි. එසේ වුවත්, ‘කොවිඩ් 19’ වයිරසය සම්බන්ධයෙන් තව දුරටත් විමසිල්ලෙන් පසුවිය යුතු බව ලෝක සෞඛ්‍ය සංවිධානය පැහැදිලි කර ඇත.

‘කොවිඩ් 19’ වසංගතයට ඇමෙරිකාවේ මිලියන 1.1 ක් මියගියහ. ‘කොවිඩ් 19’ වසංගතය හේතුවෙන් ඇමෙරිකාවේ මහජන හදිසි තත්ත්වයක් ක්‍රියාවට නැංවූයේ 2020 ජනවාරියේය. කෙසේ නමුත්, සාර්ථක එන්නත්කරණය හේතුවෙන් වයිරස ව්‍යාප්තිය පාලනය කර ගැනීමට ඇමෙරිකන් සෞඛ්‍ය අංශ සමත් විය.

මේ අතර ‘එම්.පොක්ස්’ හෙවත් වඳුරු උණ සම්බන්ධයෙන් ද පැනැවූ මහජන හදිසි ත්ත්ත්වය ඉවත් කරන බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසා තිබේ. ‘එම්.පොක්ස්’ සම්බන්ධයෙන් ලෝක සෞඛ්‍ය සංවිධානය මහජන හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කළේ මීට මාස 10 කට පෙරය. රටවල් 100 කින් ‘එම්. පොක්ස්’ ආසාදිතයන් වාර්තා වී තිබේ.

(රොයිටර්)



අදහස් (0)

ඇමෙරිකාවේ ‘කොවිඩ්’ හදිසි තත්ත්වය ඉවතට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 232 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2088 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1596 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site