
ඇෆ්ගනිස්තානයේ ජනගහනයෙන් සියයට තුන්නෙන් දෙකක් ආහාර අනාරක්ෂිතභාවයෙන් පෙලෙන බවත්, එය මහා මානුෂීය ඛේදවාචකයක් බවත් ‘හියුමන් රයිට්ස් වොච්’ සංවිධානය නිකුත් කළ වාර්තාවක දැක්වෙයි.
එම පිරිස අතර සිටින වැඩි දෙනා කුඩා දරුවන් බවත්, කුඩා දරුවන් 8,75,000 ක් උග්‍ර මන්දපෝෂණයෙන් පෙලෙන බවත් ‘හියුමන් රයිට්ස් වොච්’ වාර්තාවේ වැඩි දුරටත් දැක්වෙයි. ඇෆ්ගනිස්තානයේ කාන්තාවන් සහ ගැහැනු දරුවන් ආර්ථික ගැටලුවලට මුහුණ දෙන බව ද වාර්තාවේ සඳහන් වෙයි.
‘හියුමන් රයිට්ස් වොච්’ වාර්තාවේ සඳහන් වන ආකාරයට, අනාරක්ෂිතභාවයෙන් පෙලෙන සෙසු රටවල් අතර බුර්කිනා ෆාසෝ, හයිටි, නයිජීරියාව, සෝමාලියාව, දකුණු සුඩානය සහ යේමනය ද තිබේ.
ඇෆ්ගනිස්තනයේ පවතින්නේ තලේබාන් පාලනයකි. තලේබාන්වරුන් ඇෆ්ගනිස්තානයේ බලය ඇල්ලා ගත්තේ 2021 අගෝස්තුවේ ඇමෙරිකන් හමුදා ඇෆ්ගනිස්තානයෙන් පිටවී ගිය සැණින්ය.
තලේබාන්වරුන් ඔවුන්ගේ ෂරියා නීතිය ක්‍රියාත්මක කර ඇති අතර කාන්තාවන්ට තහංචි පනවා තිබේ. බාලිකා අධ්‍යාපනයට ද විරෝධය දක්වා තිබේ. මෙය එක්සත් ජාතීන්ගේ සංවිධානයේ අප්‍රසාදයට හේතුවක් වී ඇති අතර, තලේබාන් රජයට ලබා දෙන ආධාර කප්පාදු කිරීමට එක්සක් ජාතීන්ගේ සංවිධානය පියවර ගෙන තිබේ.
(රොයිටර්)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපේ රටෙත් ඔය ප්‍රශ්නය උග්‍ර ලෙස තියනවා .ඇෆ්ගනිස්තානයට යන්න උවමනා නැහැ .ලංකාවේ පාසල් ළමයෙකුගේ කෑම පෙට්ටියක් බලන්න.ළමා පරපුර අන්තිම අසරණ තත්වෙක ඉන්නේ
සියයට තුනෙන් දෙකක් කියන්නේ පැහැදිලි නෑ ඒක..