
ඇෆ්ගනිස්තානයේ ජනගහනයෙන් සියයට තුන්නෙන් දෙකක් ආහාර අනාරක්ෂිතභාවයෙන් පෙලෙන බවත්, එය මහා මානුෂීය ඛේදවාචකයක් බවත් ‘හියුමන් රයිට්ස් වොච්’ සංවිධානය නිකුත් කළ වාර්තාවක දැක්වෙයි.
එම පිරිස අතර සිටින වැඩි දෙනා කුඩා දරුවන් බවත්, කුඩා දරුවන් 8,75,000 ක් උග්‍ර මන්දපෝෂණයෙන් පෙලෙන බවත් ‘හියුමන් රයිට්ස් වොච්’ වාර්තාවේ වැඩි දුරටත් දැක්වෙයි. ඇෆ්ගනිස්තානයේ කාන්තාවන් සහ ගැහැනු දරුවන් ආර්ථික ගැටලුවලට මුහුණ දෙන බව ද වාර්තාවේ සඳහන් වෙයි.
‘හියුමන් රයිට්ස් වොච්’ වාර්තාවේ සඳහන් වන ආකාරයට, අනාරක්ෂිතභාවයෙන් පෙලෙන සෙසු රටවල් අතර බුර්කිනා ෆාසෝ, හයිටි, නයිජීරියාව, සෝමාලියාව, දකුණු සුඩානය සහ යේමනය ද තිබේ.
ඇෆ්ගනිස්තනයේ පවතින්නේ තලේබාන් පාලනයකි. තලේබාන්වරුන් ඇෆ්ගනිස්තානයේ බලය ඇල්ලා ගත්තේ 2021 අගෝස්තුවේ ඇමෙරිකන් හමුදා ඇෆ්ගනිස්තානයෙන් පිටවී ගිය සැණින්ය.
තලේබාන්වරුන් ඔවුන්ගේ ෂරියා නීතිය ක්‍රියාත්මක කර ඇති අතර කාන්තාවන්ට තහංචි පනවා තිබේ. බාලිකා අධ්‍යාපනයට ද විරෝධය දක්වා තිබේ. මෙය එක්සත් ජාතීන්ගේ සංවිධානයේ අප්‍රසාදයට හේතුවක් වී ඇති අතර, තලේබාන් රජයට ලබා දෙන ආධාර කප්පාදු කිරීමට එක්සක් ජාතීන්ගේ සංවිධානය පියවර ගෙන තිබේ.
(රොයිටර්)
2025 නොවැම්බර් මස 04
232
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2088
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1596
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ඇෆ්ගන් වැසියන් ආහාර අනාරක්ෂිතභාවයෙන් පෙළෙනවා
prasanna Wednesday, 17 May 2023 11:22 AM
අපේ රටෙත් ඔය ප්‍රශ්නය උග්‍ර ලෙස තියනවා .ඇෆ්ගනිස්තානයට යන්න උවමනා නැහැ .ලංකාවේ පාසල් ළමයෙකුගේ කෑම පෙට්ටියක් බලන්න.ළමා පරපුර අන්තිම අසරණ තත්වෙක ඉන්නේ
R .D.L.C.L.JAYARATHNE Thursday, 18 May 2023 08:46 AM
සියයට තුනෙන් දෙකක් කියන්නේ පැහැදිලි නෑ ඒක..