
ඇමෙරිකාව ආර්ථික අර්බුදයකට මුහුණ පා සිටී. ඒ, එරට භාණ්ඩාගාරයේ ණය සීමාව ඉහළ දැමීම සම්බන්ධයෙන් පාලක ඩිමොක්‍රටික් පක්ෂය සහ ප්‍රතිවාදී රිපබ්ලිකන් පක්ෂය අතර පවතින මත ගැටුම් දිනෙන් දින උත්සන්න වීමත් සමඟය. අර්බුදයට කඩිනමින් විසඳුමක් සොයා නොගතහොත්, ඇමෙරිකාව බංකොලොත්වීමට ඉඩ ඇති බව එරට මාධ්‍ය වාර්තා කර තිබේ.
ජනාධිපති ජෝ බයිඩන් සහ රිපබ්ලිකන්වරුන් අතරේ හටගත් මත ගැටුම් කඩිනමින් අවසන් කර නොගතහොත්, ඇමෙරිකාව බැඳුම්කර සඳහා මුදල් ගෙවීම තාවකාලිකව අත් හිටුවීමට ඇති අවස්ථාව තවත් ඉහල යනු ඇතැයි පැවැසෙයි.
ජනාධිපති ජෝ බයිඩන් සහ කොංග්‍රසය (පාර්ලිමේන්තුව) එකඟතාවයකට පැමිණීමෙන් බැඳුම්කර සඳහා මුදල් ගෙවීම තාවකාලිකව අත් හිටුවීම වළක්වා ගැනීමට හැකිවේවි යැයි ඇමෙරිකන් ආර්ථික විශ්ලේෂකයන් බලාපොරොත්තු වන බව ‘ෆයිනෑන්ෂල් ටයිම්ස්’ පුවත්පත පළ කළ වාර්තාවක දැක්වෙයි.
භාණ්ඩාගාර ලේකම් ජැනට් යෙලන් පවසා ඇත්තේ, ධවල මන්දිරය සහ කොංග්‍රසය භාණ්ඩාගාරයේ ණය සීමාව පිළිබඳ එකඟතාවයකට පැමිණීමට අපොහොසත් වුවහොත් ලබන ජූනි පළමු වෙනිදායින් පසුව රජයේ වියදම් සඳහා භාණ්ඩාගාරයට මුදල් ලබා දීමට නොහැකි වනු ඇති බවය.
ණය සීමාව ඉහළ නොදැමුවහොත් බැඳුම්කර ලබා ගෙන ඇති විදෙස් රටවල මහ බැංකු වලට එම බැඳුම්කර සඳහා මුදල් ගෙවීමට ඇමෙරිකා එක්සත් ජනපදයට නොහැකි වනු ඇති බවත්, එවිට ඇමෙරිකා එක්සත් ජනපදයේ ණය ශ්‍රේණිගත කිරීම් පහත වැටෙනු ඇති බවත් ආර්ථික විද්‍යාඥයින් පෙන්වා දී තිබේ.
එසේම හමුදා සාමාජිකයන් සඳහා මාසික වැටුප් ගෙවීම, සෞඛ්‍ය රක්ෂණාවරණය සඳහා ඇමෙරිකානු ජාතිකයන්ට මුදල් ගෙවීමටද ඇමෙරිකානු රජයට නොහැකි වනු ඇතැයි ආර්ථික විද්‍යාඥයෝ පැහැදිලි කර සිටිති.
(රොයිටර්)
2025 නොවැම්බර් මස 04
232
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2088
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1596
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ඇමෙරිකාව බංකොලොත්?