තායිලන්ත පාර්ලිමේන්තුව විසුරුවයි මහ මැතිවරණයකට ඉඩ සලසා දෙමින්, තායිලන්ත පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට එරට අග්‍රාමාත්‍ය ප්රායුත් චා ඕචා කටයුතු කළේය. මහ මැතිවරණය ලබන මැයි මාසයේ පැවැත් වීමට නියමිතය. 21 March 2023
මාව අත්අඩංගුට ගන්නවාට විරුද්ධ වෙන්න තමන් අත්අඩංගුවට ගැනීම වළක්වමින් ඊට එරෙහි වෙන්නැයි ඇමෙරිකා හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්, සිය ආධාරකරුවන්ගෙන් ඉල්ලීමක් කර තිබේ. 21 March 2023
චීන ජනපති රුසියාවට එනවා චීන ජනාධිපති ෂි ජින්පින් අද (20) නිල සංචාරයක් සඳහා රුසියාවට පැමිණීමට නියමිත බව චීන හා රුසියානු විදේශ කටයුතු අමාත්‍යංශයේ ආරංචි මාර්ග තහවුරු කර බව රුසියන් ටුඬේ පුවත් සේවය වාර්තා කර ඇත. 20 March 2023
තමා ඝාතනයකට සැරැසෙනවා ‘ටොක්ශානා’ නඩු විභාගය සඳහා පෙනී සිටීමට ඉස්ලාමාබාද් අධිකරණ සංකීරණයට තමා පැමිණියත්, මෝටර් රථයෙන් පිටතට නොපැමිණියේ, හඳුනා නොගත් පුද්ගලයන් පිරිසක් තමා ඝාතනය කිරීමේ චේතනාවෙන් අධිකරණ සංකීරණයේ ස්ථාන ගත වී සිටි නිසා බව පාකිස්තාන හිටපු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් චෝදනා කර ඇත. 20 March 2023
බංග්ලාදේශයේ බස් අනතුරක් 19 ක් මරුට බංග්ලාදේශයේ සිදුවුණු බස් රථ අනතුරින් 25 දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. තුවාල ලැබූ ගණන 19 කි. 19 March 2023
ෆ්‍රෙඩී 500 ක් බිලි අරන් මලාවි, මොසැම්බික් සහ මැඩගස්කර් යන අප්‍රිකා රටවල් කැලැඹූ ‘ෆ්‍රෙඩී’ සුළි කුණාටුවට බිලිවුණු ගණන 522 ක් යැයි විදෙස් මාධ්‍ය පෙන්වා දෙයි. 19 March 2023
රුසියන් ජනපති යුක්රේනයට යයි රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින්, රුසියන් හමුදා පහර දී අල්ලා ගත් යුක්රේනයේ මරියුපෝල් නගරයේ සංචාරය කළේය. 19 March 2023
එක්වදෝරය-පේරු භූමි කම්පාවකින් කැලඹේ එක්වදෝරය සහ පේරු යන රටවල් ප්‍රබල භූමි කම්පාවකින් කැලැඹී ගියේය. විදෙස් මාධ්‍ය වාර්තා කළේ භූමි කම්පාවෙන් එක්වදෝරයේ 14 දෙනකු ද පේරු රාජ්‍යයේ එක් අයකු ද ජීවිතක්ෂයට පත්වුණු බවය. 19 March 2023
ඇමරිකාව සමඟ සටනට ලක්ෂ 8 ක සෙබළුන් සීරුවෙන් ඇමරිකාව සමඟ යුද්ධයකට සූදානමින්, ලක්ෂ 8 ක සෙබළුන් පිරිසක් සීරුවෙන් තබා ඇතැයි උතුරු කොරියානු රජය පවසා තිබේ. 18 March 2023
ඉම්රාන්ගේ නිවසට පොලිසිය කඩා පැනලා පාකිස්තානයේ හිටපු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන්ගේ ලාහෝරයේ පිහිටි නිවසට පොලිසිය කඩා වැදුණේය. පොලිසිය හිටපු අග්‍රාමාත්‍යවරයාගේ නිවසට කඩා වදිද්දී, අග්‍රාමාත්‍යවරයා සිටියේ ඉස්ලාමාබාද් අගනුවර අධිකරණය හමුවේය. ඒ, දූෂණ වංචා චෝදනා සම්බන්ධයෙන් පැවැත්වුණු නඩුව විභාග වූ බැවිනි. 18 March 2023
රුසියන් නියමුවන්ට වීර පදක්කම් ඇමරිකාවට අයත් ‘රීපර්’ වර්ගයේ ඔත්තු නිරීක්ෂණ ඩ්‍රෝන යානයක් බිම හෙලූ ‘එස් යූ 27’ වර්ගයේ රුසියන් ප්‍රහාරක ජෙට් යානා නියමුවන් දෙදෙනාට එරට ආරෙක්ෂක අමත්‍යාංශය වීර පදක්කම් පිරි නමා තිබේ. 18 March 2023
පුටින් යුද අපරාධකාරයෙක් රුසියන් ජනාපධිති ව්ලොදිමීර් පුටින්, පැහැදිලිවම යුද අපරාධකරුවකු යැයි ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන් පවසයි. 18 March 2023
ලැබුණු තෑගි ට්‍රම්ප් ආපසු දීලා නෑ ජනාධිපති ධුරයේ සිටිද්දී ලැබුණු වටිනා ත්‍යාග, ජනපති ධුරය හැර යද්දී, රජයට බාර දී නැතැයි ඇමෙරිකාවේ හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට චෝදනා එල්ල වෙයි. 18 March 2023
රුසියන් ප්‍රහාරවලින් යුක්රේන නගර විනාශයි නැගෙනහිර යුක්රේනයේ කුඩා කාර්මික නගර හයක් රුසියන් හමුදා ප්‍රහාර හේතුවෙන් සම්පූර්ණයෙන්ම විනාශ වී ගොස් ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. 18 March 2023
හොලිවුඩ් නළු ලාන්ස් රෙඩික් සමුගනී ’ද වයර්’ රූපවාහිනී කතාමාලාවෙන් මෙන්ම, ’ජෝන් වික්’ චිත්‍රපට මාලාවෙන් ද අතිශය ජනප්‍රිය වුණු ඇමෙරිකන් රංගන ශිල්පී ලාන්ස් රෙඩික් දිවි මඩලෙන් සමුගත්තේය. ඔහුගේ වයස අවුරුදු 60 කි. 18 March 2023
’කොවිඩ් 19’ හිසරදය අවසන් වේවි මුළු ලොවටම ’හිසරදයක්’ වුණු ’කොවිඩ් 19’ ගෝලීව වසංගතය මෙම වසරේ අවසන් වනු ඇති බවත්, මේ වනවිටත් එය සාමාන්‍ය උණ හෙම්බිරිස්සා තත්ත්වයක් බවට පත් වී ඇති බවත් ලෝක සෞඛ්‍ය සංවිධානය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි. 18 March 2023
ඓතිහාසික තීන්දුවක් රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් වහා අත්අඩංගුවට ගන්නැයි අන්තර් ජාතික අපරාධ අධිකරණය වරෙන්තු නිකුත් කිරීම ඓතිහාසික තීන්දුවක් බව යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කී පවසයි. 18 March 2023
පුටින් අත්අඩංගුවට ගන්න වරෙන්තු රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් වහා අත්අඩංගුවට ගන්නැයි අන්තර් ජාතික අපරාධ අධිකරණය වරෙන්තුවක් නිකුත් කළේය. ඒ, රුසියාව, යුක්රේනයට එරෙහි හමුදා ක්‍රියා මාර්ගයක් අනුමනය කරමින් යුද අපරාධ සිදු කළ බවට එල්ල වන චෝදනා සම්බන්ධයෙනි. 18 March 2023
ඉන්දියාව යුද ශක්තිය වර්ධනය කර ගනී යුද ශක්තිය වර්ධනය කර ගැනීමට ඉන්දියාව සූදානම් වෙයි. මිසයිල හෙලිකොප්ටර් යානා, කාලතුවක්කු සහ ඉලෙක්ට්‍රොනික් යුද පද්ධති මිලදී ගැනීම සඳහා ඉන්දීය බලධාරීන් මේ වනවිට අනුමැතිය ලබා දී තිබේ. 17 March 2023
පෝලන්තයෙන් යුක්රේනයට ‘මිග්’ යානා තමන් සතු ‘මිග් 29’ ප්‍රහාරක ජෙට් යානා 4 ක් යුක්රේනයට ලබා දීමට තීරණය කළේ යැයි පෝලන්ත ජනාධිපති ඇන්ද්‍රෙස් ඩූඩා පවසයි. 17 March 2023
ප්‍රංශය පුරා විරෝධතා ඇවිලෙයි නව විශ්‍රාම ප්‍රතිපත්තියක් හඳුන්වා දෙමින්, විශ්‍රාම වයස අවුරුදු 64 සිට 62 දක්වා අඩු කිරීමට ප්‍රංශ ජනාධිපති ඉමැනුවෙල් මැක්රොන් ගත් තීරණයට දැඩි විරෝධයක් එල්ල වෙමින් පවතී. 17 March 2023
සඳට යන්න අලුත් ඇඳුමක් ඇමරිකාවේ නාසා ආයතනය, යළිත් මිනිසුන් සඳට යැවීමට සූදානම් වෙයි. ඒ, නාසා ආයතනයේ ‘ආර්ටිමිස්’ මෙහෙයුම යටතේය. ‘ආර්ටිමිස්’ පළමු පුහුණු මෙහෙයුම සාර්ථකව නිමා වූයේ පසුගිය 2022 දීය. 16 March 2023
එවරස්ට් කන්දේ විෂබීජ පිරිලා එවරස්ට් කඳු මුදුව විෂබීජවලින් පිරුණු තැනැක් යැයි ඇමරිකාවේ කොලරාඩෝ බෝල්ඩර් විශ්ව විද්‍යාලයේ විද්‍යාඥ කණ්ඩායමක් පළ කළ ලිපියක දැක්වෙයි. මෙම ලිපිය පළ කර ඇත්තේ ‘ආක්ටික්, ඇන්ටාක්ටික් ඇන් ඇල්පයින් රීසර්ෂ්’ නමැති විද්‍යා සඟරාවේය. 16 March 2023
ඉන්දීය සාගර කලාපයේ යුද අභ්‍යාසයක් ප්‍රංශය, ඉන්දියාව, ඇමරිකාව, ඔස්ට්‍රේලියාව සහ ජපානය නාවික හමුදා එක් වී නාවික යුද අභ්‍යාසයක් ආරම්භ කර ඇත. 15 March 2023
චීනය සංචාරකයන්ට විවෘත වෙයි ’කොවිඩ්’ ගෝලීය වසංගතය හේතුවෙන් පනවා තිබූ සීමා සම්පූර්ණයෙන් ඉවත් කරමින්, විදෙස් සංචාරකයන් වෙනුවන් වසර 3 කට පසුව සියලුම ආකාරයේ වීසා නිකුත් කිරීමට චීන රජය අද තීරණය කළේය. 15 March 2023
’ෆ්‍රෙඩී’ මලාවි කලඹා 99 ක් බිලි ගනී ’ෆ්‍රෙඩී’ සුළි කුණාටුව හේතුවෙන් මලාවි රාජ්‍යයේ 99 දෙනෙකු මියගොස් ඇතැයි විදෙස් මාධ්‍ය පවසයි. 15 March 2023
ඇමරිකන් රුසියන් යානා ගැටෙයි ඇමරිකන් ඩ්‍රෝන යානාවක් කළු මුහුදට කඩා වැටුණි. ඒ, රුසියන් ප්‍රහාරක යානයක් සහ නියමුවන් රහිත එම ඩ්‍රෝන යානය අතර හටගත් ගැටුමකින් පසුවය. 15 March 2023
ඉම්රාන් ඛාන්ගේ ආධාරකරුවෝ - පොලිසිය ගැටෙති පකිස්තාන හිටපු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් අත් අඩංගුවට ගැනීමට ඔහු ලාහෝර් නිවසට පැමිණි ඉස්ලාමාබාද් පොලිසිය සහ තාරික් ඊ ඉන්සාෆ් පක්ෂයේ ආධාරකරුවන් අතර දරුණු ගැටුම් හටගෙන තිබේ. 15 March 2023
බ්‍රිතාන්‍ය අගමැති බල්ලා නිසා අමාරුවේ යළිත් වරක් බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක්ට දඩ ගැසීමට ලන්ඩන් පොලිසිය සූදානම් වෙයි. ඒ, අග්‍රාමාත්‍යවරයාගේ බලු සුරතලා මුල්කොට ගනිමිනි. 15 March 2023
උතුරු කොරියාව තවත් මිසයිල 2 ක් අත්හදා බලයි උතුරු කොරියාව තවත් කෙටි දුර බැලැස්ටික් මිසයිල දෙකක් අත්හදා බැලුවේය. දින තුනක් ඇතුළත උතුරු කොරියාව සිදු කළ තෙවැනි මිසයිල අත්හදා බැලීම මෙයයි. 14 March 2023
සුහුරු පුවරු 4570ක් ආනයනය කරයි දිවයින පුරා පිහිටි පාසල් සඳහා අධ්‍යාපන නවීකරණ ව්‍යාපෘති කිහිපයක් යටතේ සුහුරු පුවරු (Smart boards) 4,570 ක් ආනයනය කර පාසල් වෙත බෙදා හැරීමට පියවර ගෙන ඇති බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පාර්ලිමේ.. 22 September 2026