IMG-LOGO

2025 නොවැම්බර් මස 07 වන සිකුරාදා


කෙන්යාවෙන් තවත් මළසිරුරු හමුවෙයි

කෙන්යාවේ මලින්දි වෙරළබඩ නගරය ආසන්නයේ වල දමා තිබී ගොඩ ගත් මළසිරුරු ගණන 73 ක් දක්වා ඉහළ ගොස් ඇතැයි කෙන්යානු පොලිසිය ප්‍රකාශ කර ඇත.

මෙම සියලු දෙනා ආගමික කල්ලියකට අයත් බවත් මොවුන් ක්‍රිස්තුස් වහන්සේ මුණගැසීම සඳහා කුසගින්නේ සිටීම හේතුවෙන් මොවුන් සියලු දෙනා මියගොස් ඇති බව මූලික විමර්ශන වලදී අනාවරණය වූ බව කෙන්යානු පොලිසිය පෙන්වා දී තිබේ.

මෙම සිදුවීම සම්බන්ධයෙන් කෙන්යාවේ මහත් ආන්දෝලනයක් හටගෙන ඇති අතර එරට ජනාධිපති විලියම් රූටෝ පවසා ඇත්තේ කිසිසේත් සමාවක් ලබා දිය නොහැකි මෙම ආගමික කල්ලිය මර්දනය කිරීමට කටයුතු  කරන බවයි.
ගුඞ් නිව්ස් ජාත්‍යන්තර පල්ලිය සහ එහි නායකයන් පිළිබඳව වැඩිදුර විමර්ශනයක් ආරම්භ කර ඇති බවද කෙන්යානු පොලිසිය පෙන්වා දී තිබේ.

සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා කෙන්යානු අධිකරණයේ ගොනු කර ඇති අතර එම අධිකරණ ලියවිල්ලේ සැකකරු ගේ නම ලෙස දේවගැති පෝල් මැකෙන්සි සටහන් වන බවත් ඔහු තම අනුගාමිකයන්ට දෙවියන්ගේ අනුගාමිකයන් වීමට කුසගින්නේ මිය යන ලෙස උපදෙස් දී ඇති බවත් සඳහන් වේ.

කුසගින්නේ සිටීම හේතුවෙන් මිය ගිය සංඛ්‍යාව තවත් ඉහළ යා හැකි බවත් මෙම ආගමික කල්ලියේ තවත් අනුගාමිකයන් මලින්දි වෙරළබඩ නගරය ආසන්නයේ වනාන්තර අශ්‍රිතව සැඟව සිටිය හැකි බවත් කෙන්යානු පොලිසිය පවසා ඇත.

(රොයිටර්)



අදහස් (1)

කෙන්යාවෙන් තවත් මළසිරුරු හමුවෙයි

Hira Wednesday, 26 April 2023 01:02 PM

ඒ මිනිස්සු නම් වෙන්න බැහැ.. ලංකාවෙත් මේ වගේ ආගමික කල්ලි සහ මීහරක් ඉන්නවා.

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 246 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2098 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1597 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site