
දකුණු කොරියානු ජනාධිපති යූන් සුක් යූල් සහ ඇමෙරිකන් ජනාධිපති ජෝ බයිඩන් අතර හමුවක්, ධවල මන්දිරයේ දී පැවැත්විණි. උතුරු කොරියාවෙන් එල්ල වන න්‍යෂ්ටික තර්ජනවලට ඇමෙරිකාව සහ දකුණු කොරියාව එක් වී මුහුණ දෙන ආකාරය සම්බන්ධයෙන් මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා කෙරුණි.
සාකච්ඡාවලින් අනතුරුව ධවල මන්දිරයේ ඕවල් කාර්යාලයේ සිට බයිඩන් සහ යූන් සුක් යූල් මාධ්‍ය හමුවකට එක් වූහ.
උතුරු කොරියාව න්‍යෂ්ටික අවි භාවිතයට ගනිමින් ප්‍රහාරයක් එල්ල කරන්නේ නම්, ඊට ක්ෂණිකව ප්‍රතිචාර දැක්වීමට තමන් සූදානමින් සිටින බව එහිදී රාජ්‍ය නායකයෝ දෙදෙනා පැහැදිලි කළහ.
දකුණු කොරියානු ජනාධිපති යූන් සුක් යූල් ඇමෙරිකා බලා පැමිණියේ ජනාධිපති ආර්යාව ද සමඟය. ඇමෙරිකන් ජනාපධිති ජෝ බයිඩන් සහ ආර්යා ජිල් බයිඩන්ගෙන් දකුණු කොරියානු ජනාධිපති යුවලට හිමිවූයේ උණුසුම් පිළිගැනීමකි. දකුණු කොරියානු ජනාධිපති සහ ආර්යාව වෙනුවෙන් විශේෂ භෝජන සංග්‍රහයක් ද පැවැත්විණි.
(රොයිටර්)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd