
තායිලන්ත මහ මැතිවරණය ලබන මැයි 14 වැනිදා පැවැත්වෙයි. ඊට ඉදිරිපත් වන ප්‍රධාන අපේක්ෂිකාවක වන්නේ පෙටොංග්ට්‍රාන් ෂිනවාත්‍රාය.
තායිලන්ත මාධ්‍ය වාර්තා කර ඇත්තේ පෙටොංග්ට්‍රාන් ෂිනවාත්‍රා මේ වනවිට රෝහල්ගතව සිටින බවත් ඇය පුතකු බිහි කළ බවත්ය. මේ ඇයගේ දෙවැනි දරු ප්‍රසූතියයි.
36 හැවිරිදි පෙටොංග්ට්‍රාන් ෂිනවාත්‍රා ද තායිලන්ත දේශපාලනයේ නොමැකෙන නායමක් ලෙස සැලකෙන ෂිනවාත්‍රා පවුලේ සාමාජිකාවකි.
පෙටොංග්ට්‍රාන් ෂිනවාත්‍රාගේ පියා තායිලන්තයේ හිටපු අග්‍රාමාත්‍ය තක්සින් ෂිනවාත්‍රාය. නැන්දණිය වන්නේ යිංග්ලක් ෂිනවාත්‍රාය.
(රොයිටර්)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd