තලේබාන්වරුන්ගේ ෂරියා නීතිය ක්‍රියාවට නැංවෙයි ඇෆ්ගන් තලේබාන්වරුන් ඔවුන්ට ආවේණික දලදඬු ෂරියා නීතිය පූර්ණ වශයෙන් ක්‍රියාත්මක කර ඇතැයි විදෙස් මාධ්‍ය පවසයි. 25 November 2022
සරම්ප වසංගතයක් ගැන බියක් ගෝලීය සරම්ප වසංගතයක් ගැන ලෝක සෞඛ්‍ය සංවිධානය බිය පළ කර තිබේ. ඊට හේතුව මේ වනවිටත් ලෝකයේ කලාප කීපයක සරම්ප වයිරස ව්‍යාප්තියක් දකින්න ලැබෙන බැවිනි. 24 November 2022
චීනය නේපාල ඉඩම් අල්ලාගෙන චීනය නේපාලයේ ඉඩම් හෙක්ටයාර් 10 ක් අත්පත් කරගෙන ඇතැයි ඉන්දීය මාධ්‍ය අනාවරණය කරයි. චීනය ඉන්දියාවට පමණක් නොව, නේපාලයට ද මායිම් වෙයි. ඉන්දීය මාධ්‍ය අනාවරණය කර ඇති ආකාරයට චීනය අත්පත් කරගෙන ඇත්තේ චීන නේපාල දේශසීමාව අසල නේපාලයේ උතුරු දෙසින් පිහිටි එකිනෙකට වෙනස් ස්ථාන 10 කි. 24 November 2022
දින දෙකක් සුන්බුන් අතරේ සිරවී සිටි දරුවෙක් බේරා ගනී ඉන්දුනීසියානු භූමිකම්පාවට හසුවී, දින දෙකක්, නිවසේ සුන්බුන් අතරේ සිරවී සිටි හය හැවිරිදි කුඩා දරුවකු මුදා ගැනීමට සහන සේවකයෝ සමත් වූහ. 24 November 2022
රුසියාව ත්රස්තවාදයට අනුග්‍රහය දක්වන රාජ්‍යයක් යුක්රේනයට එරෙහිව ගත් හමුදා ක්‍රියාමාර්ගය හෙලා දකිමින්, රුසියාව ‘ත්රස්තවාදයට අනුග්‍රහය දක්වන රාජ්‍යයක්’ ලෙස නම් කිරීමට යුරෝපා පාර්ලිමේන්තුව තීරණය කළේය. 24 November 2022
තම ණය ගෙවන්න සොසේජස් විකුණන චීන මිලියනපතියා තම ව්‍යාපාර බංකොලොත් වූ චීන මිලියනපති ව්‍යාපාරිකයෙකු ඉන්දීය රුපියල් කෝටි 52කට වැඩි තම ණය ගෙවා දැමීම සඳහා ග්‍රිල් කරන ලද සොසේජස් විකිණීමේ ව්‍යාපාරයක නිරත වීම පිළිබඳ සමාජ මාධ්‍ය ජාලා තුල විශාල අවධානයක් හිමිව ඇත. 23 November 2022
යුක්රේනය ඩ්‍රෝන යානා ඉල්ලයි රුසියන් හමුදාව සමඟ සටන් වැදීමට තමන්ට ‘ග්‍රේ ඊගල්’ වර්ගයේ ප්‍රහාරක ඩ්‍රෝන යානා ලබා දෙන්නැයි යුක්රේන රජය ඇමෙරිකාවෙන් ඉල්ලීමක් කර තිබේ. 23 November 2022
මංකි පොක්ස් වයිරසය හඳුන්වන්න අලුත් නමක් ‘මංකි පොක්ස්’ වයිරසය මින් ඉදිරියට ‘එම්-පොක්ස්’ යන නමින් පමණක් හැඳින්වීමට බලාපොරොත්තු වන බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි. 23 November 2022
තීරණයක් ගන්න ආරක්ෂක මණ්ඩලය රැස්වෙයි උතුරු කොරියාව, හිතුවක්කාර අන්දමින්, දිගින් දිගටම සිදුකරන මිසයිල අත්හදා බැලීම් සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය රැස් වී සාකච්ඡා පැවැත්වීය. 22 November 2022
‘චොකලට්’ සහ ‘චිප්’ට අභය දානය ‘තෑංක්ස් ගිවිං’ හෙවත් තුති පුද කිරීමේ රාත්‍රී භෝජන සංග්‍රහයට පෙර, මරණයට කැප වුණු කළුකුමන්ලා දෙදෙනකුට අභයදානය දීමට ඇමෙරිකන් ජනාධිපති ජෝ බයිඩන් කටයුතු කළේය. 22 November 2022
චීනයේ කම්හලක ගින්නට 36 ක් බිලිවෙති මධ්‍යම චීනයේ, හෙනාන් පළාතේ, අන්යාංග් නගරයේ කම්හලක ගින්නක් හටගත්තේය. ගින්නට සේවකයෝ 36 දෙනෙක් බිලි වූහ. තුවාල ලබා දිවි බේරාගත් ගණන දෙකකි. තවත් දෙදෙනෙකු අතුරුදන් බව පැවැසෙයි. 22 November 2022
සොලමන් දූපත් ප්‍රබල භූමි කම්පාවකින් කැලැඹේ සොලමන් දූපත් රාජ්‍යය ප්‍රබල භූමි කම්පාවකින් කැලැඹිණි. භූමි කම්පාවේ ප්‍රබලත්වය රික්ටර් පරිමාණයේ සටහන් වූයේ ඒකක 7.0 ක් ලෙසය. 22 November 2022
නාසා චන්ද්‍ර යානය සඳට ලංවෙයි ඇමෙරිකාවේ නාසා ආයතනයේ ’ආර්ටිමිස්1’ පුහුණු මෙහෙයුම යටතේ, සඳ බලා ගමන් ඇරැඹූ ’ඔරායන්’ චන්ද්‍ර යානය සඳට ලං වී ඇත. 22 November 2022
ගිනියා ජනපති නිග්වේමා තවත් ජනවරමක් ඉල්ලයි ලොව දීර්ඝතම කාලයක් ජනාධිපති ධුරයේ සිටින ජනාධිපති ලෙස සැලකෙන ගිනියාවේ (සමක ගිනියාව) ජනාධිපති තියේදෝර් ඔබියැංග් නිග්වේමා යළිත් ජනවරමක් අපේක්ෂා කරයි. ඒ, ඊයේ (20) පැවැති මහ මැතිවරණයට ඉදිපත් වීමෙනි. 21 November 2022
හොංකොං නායකයාට ‘කොවිඩ්’ ආාසදනය වෙයි හොංකොං නායක ජොන් ලී ‘කොවිඩ් 19’ ආසාදිතයකු බව තහවුරු විය. ජොන් ලී ආසාදිතයකු බව තහවුරු වූයේ ‘ආසියා පැසිෆික් සහයෝගීතා සමුළුව හෙවත් ‘ඇපෙක්’ සමුළුවට සහභාගී වී ආපසු පැමිණීමෙන් පසුවය. 21 November 2022
මාස 6 කට පසු චීනයෙන් ‘කොවිඩ්’ මරණයක් මාස 6 කට පසු චීනයෙන් ‘කොවිඩ් 19’ මරණයක් වාර්තා වෙයි. මියගොස් ඇත්තේ 87 හැවිරිදි පුද්ගලයකු බවත්, ඔහු බෙයිජීං අගනුවර වැසියකු බවත් චීන සෞඛ්‍ය අමත්‍යාංශය නිකුත් කළ නිවේදනයක සඳහන් වෙයි. 21 November 2022
ට්‍රම්ප්ගේ ට්විටර් ගිණුම සක්‍රීය කෙරේ ඇමෙරිකාවේ හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ට්විටර් ගිණුම යළි සක්‍රීය කිරීමට ට්විටර් ප්‍රධානී ඉලොන් මක්ස් කටයුතු කර ඇත. 20 November 2022
මහතීර් මොහොමඩ්ට පරාජයක් මහතීර් මොහොමද් ද මැලේසියානු මහ මැතිවරණයට ඉදිරිපත් විය. ඒ, ඔහු විසින් පිහිටුවා ගත් ’හෝම්ලෑන්ඩ් ෆයිටර්ස්’ පක්ෂයෙනි. කෙසේ නමුත් 97 හැවිරිදි මහතීර් මොහොමද් මෙම මැතිවරණයේ දී දරුණු පරාජයක් ලැබුවේය. 20 November 2022
මැලේසියා මැතිවරණයෙන් කාටවත් බහුතරය නෑ මැලේසියානු මහ මැතිවරණයේ ප්‍රතිඵල නිකුත් වුණු අතර, තනිව රජයක් පිහිටුවීමට අවශ්‍ය බහුතර බලය දිනා ගැනීමට කිසිදු පක්ෂයක් සමත් වූයේ නැත. 20 November 2022
මිසයිල අත්හදා බලන්න දියණියත් එක්ක ඇවිල්ලා උතුරු කොරියානු නායක කිම් ජොන් උන්, සිය දියණිය ලොවට හඳුන්වා දුන්නේය. ඒ, මිසයිල අත්හදා බැලීමේ නිරීක්ෂණයකට ඔහු දියණිය රැගෙන ආ අවස්ථාවේදීය. 20 November 2022
බ්‍රිතාන්‍ය අගමැති යුක්රේන ජනපති හමුවෙයි ඉන්දීය සම්භවයක් ඇති බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක්, යුක්රේනයේ කීව් අගනුවරට ගොස්, යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කී හමුවිය. 20 November 2022
පාපන්දු සම්මේලනයේ ප්‍රධානියා යුරෝපා රටවලට දෙහි කපයි පාපන්දු ලෝක කුසලාන තරගාවලිය කටාර් රාජ්‍යයේ පැවැත්වීම සම්බන්ධයෙන් යුරෝපා රටවල් කටාරය විවේචනය කිරීම, ජාත්‍යන්තර පාපන්දු සම්මේලනයේ ප්‍රධානී ජියානී ඉන්ෆැන්ටිනෝගේ දැඩි අප්‍රසාදයට හේතුවක් වී ඇත. 20 November 2022
උතුරු කොරියා මිසයිලය ජපානය අසල මූදට වැටිලා ජපානයට අනතුරක් වන අයුරින්, උතුරු කොරියාව දිගු දුර බැලස්ටික් මිසයිලයක් අත්හදා බැලුවේය. මිසයිලය පතිත වූයේ ජපානය අසල මූදටය. 18 November 2022
මියන්මාරයේ දේශපාලන සිරකරුවන් 6,000 කට නිදහස මියන්මාර හමුදා රජය, දේශපාලන සිරකරුවන් 6,000 ක් නිදහස් කිරීමට තීරණය කර ඇතැයි එරට මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි. 18 November 2022
ඉන්දීය පෞද්ගලික සමාගමක් රොකට්ටුවක් උඩුගුවනට යවයි ඉන්දියාවේ, ‘ස්කයිරූට් ඒරෝස්පේස්’ නමැති පෞද්ගලික සමාගම සාර්ථකව රොකට්ටුවක් පෘථිවි කක්ෂයට යැවීය. රොකට්ටුව ගුවන්ගත කිරීම සිදුවූයේ අද (18) උදෑසන 11.30 ටය. 18 November 2022
චීන ජනපති කැනඩා අගමැතිට ජී20දී දොස් කියයි ඉන්දුනීසියාවේ බාලි නුවර පැවැත්වෙන ජී20 සමුළුව අවසන් සැසියේදී චීන ජනාධිපති ෂී ජින්පින් කැනඩා අග්‍රාමාත්‍ය ජස්ටින් ටෘඩෝ හට ප්‍රසිද්ධියේ දොස් නගා තිබේ. 17 November 2022
පෝලන්තයට ආවේ යුක්රේන මිසයිලයක් පෝලන්තයේ ප්‍රෙස්වෝඩෝව් ගම්මානයට එල්ල වුණේ යුක්රේන හමුදාවේ මිසයිලයක් බව, ‘නේටෝ’ සංවිධානය කළ විමර්ශනයකදී අනාවරණය වී ඇත. පසුගිය 12 වැනිදා එල්ල වුණු එම ප්‍රහාරයෙන් පෝලන්ත වැසියෝ දෙදෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. ප්‍රෙස්වෝඩෝව් ගම්මානය පිහිටා ඇත්තේ පෝලන්ත යුක්රේන දේශසීමාවේය. 17 November 2022
නියෝජිත මන්ත්‍රී මණ්ඩලය රිපබ්ලිකන්වරුන්ට ඇමෙරිකන් පාර්ලිමේන්තුවේ (කොංග්රස් මණ්ඩලය) නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ බලය යළි තමන් සතු කර ගැනීමට ප්‍රතිවාදී රිපබ්ලිකන්වරු සමත් වී සිටිති. ඒ, තියුණු සටනකින් පසු, මධ්‍ය ධුර මැතිවරණයේදී වැඩි ආසන 8 ක් දිනා ගැනීමට ඔවුන් සමත් වුණු බැවිනි. 17 November 2022
රුසියන් යුක්රේන සටන් විරාමයක් ඉල්ලයි ලෝක පාපන්දු තරඟාවලිය පැවැත්වෙන කාල සීමාව අතරතුරදී රුසියාව සහ යුක්රේනය අතර සටන් විරාමයක් අවශ්‍ය බව ලෝක පාපන්දු සම්මේලනයේ සභාපති ජියානි ඉන්ෆැන්ටීනෝ සියලු පාර්ශ්වයන්ගෙන් ඉල්ලීමක් කර තිබේ. 17 November 2022
නාසා රොකට්ටුව සඳ බලා යයි ප්‍රමාදවීම් රැසකින් පසු, ඇමෙරිකාවේ නාසා ආයතනය ’ආර්ටිමිස් 1’ චන්ද්‍ර මෙහෙයුම ආරම්භ කරමින්, අධි බලැති ’ස්පේස් ලොන්ච් සිස්ටම්ස්’ නමැති රොකට්ටුව ගුවන්ගත කළේය. 16 November 2022
ඒහිපස්සිකෝ සාම පා ගමන 21 ඇරැඹෙයි ජාත්‍යන්තර ප්‍රසිද්ධියට පත් ’’Walk For Peace’’ සාම පාගමන වැඩසටහන ලබන 21 සිට 28 දක්වා රාජ්‍ය අනුග්‍රහය සහිතව පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇත... 16 April 2026