කොන්ක්‍රීට් කුහරයේ සිරවුණු දරුවා මරුට වියට්නාමයේ, පාලමක් ඉදි කරමින් තිබුණු ඉදිකිරීමේ වැඩ බිමක, මීටර් 35 ක් ගැඹුරු කොන්ක්‍රීට් කුහරයක් තුළ සිරවුණු 10 හැවිරිදි දරුවා බේරා ගැනීමට සහන සේවකයෝ අපොහොසත් වූහ. 05 January 2023
ගගනගාමී වෝල්ටර් කනිංහැම් සමුගනී 1968 වසරේ නාසා ආයතනයේ ‘ඇපලෝ 7’ මෙහෙයුමට සම්බන්ධ වූ ඇමෙරිකන් ගගනගාමීන් තිදෙනාගෙන් මෙතෙක් ජීවතුන් අතර සිටි ගගනගාමී වෝල්ටර් කනිංහැම් ද අභාවප්‍රාප්ත වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ. 04 January 2023
දකුණු කොරියා ජනපතිගෙන් උතුරු කොරියාවට තර්ජනයක් මින් ඉදිරියට දකුණු කොරියානු ගුවන් සීමාව උල්ලංඝනය කළහොත්, ප්‍රහාරයක් එල්ල කිරීමට පවා පසුබට නොවන බව දකුණු කොරියානු ජනාධිපති යූන් සුන් යෝල් තර්ජනය කර තිබේ. 04 January 2023
විදේශිකයෝ ලක්ෂ 4 කට කැනඩාවේ ස්ථිර පදිංචිය ගෙවී ගිය 2022 වසරේ විදේශික සංක්‍රමණිකයන් 4,37,000 කට ස්ථිර පදිංචිය ලබා දීමට කැනඩා රජය පියවර ගෙන තිබේ. කැනඩා ඉතිහාසයේ එක් වසරක් තුළ වැඩිම පිරිසකට ස්ථිර පදිංචිය ලබා දුන් පළමු අවස්ථාව මෙය යැයි ද පැවැසෙයි. 04 January 2023
අල් කයිඩා ත්රස්තවාදීන් නිහඬයි නායක අයිමාන් අල් සවාහිරීගේ ඝාතනයෙන් පසු අල් කයිඩා ත්‍රස්ත සංවිධානය නිහඬ ප්‍රතිපත්තියක් අනුගමනය කරන බව ඇමෙරිකන් බුද්ධි අංශ කියයි. 04 January 2023
ඔමික්‍රෝන් උප ප්‍රභේදය බිහිසුණුයි ‘කොවිඩ් 19’, ‘එක්ස්.බී.බී.1.5’ ඔමික්‍රෝන් උප ප්‍රභේදය ගැන සැලකිලිමත් විය යුතු යැයි ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු අඟවයි. 04 January 2023
කතානායකයකු තෝරා ගන්න කළ උත්සාහය අසාර්ථකයි ඇමෙරිකන් පාර්ලිමේන්තුවේ (කොංග්රස් මණ්ඩලය) නියෝජිත මන්ත්‍රී මණ්ඩලය සඳහා කතා නායකයකු පත් කර ගැනීමේ පළමු වරයේ ඡන්ද විමසුම පැවැත්වුණු නමුත් කතානායක ධුරයට සුදුසුස්සකු තෝරා ගැනීමට නොහැකි විය. 04 January 2023
ජින්පින් ලූලාට සුබ පතයි ද්වී පාර්ශ්වීක සබඳතා තරකර ගනිමින් බ්‍රසීල නව ජනාධිපති ලූලා ද සිල්වා සමග සහයෝගයෙන් කටයුතු කිරීමට තමන් සූදානම් බව චීන ජනාධිපති ෂී ජින්පින් පවසා තිබේ. 03 January 2023
සිරවුණු දරුවා බේරාගන්න මෙහෙයුම් වියට්නාමයේ, සෙන්ටි මීටර් 25 ක් පළල, මීටර් 35 ක් ගැඹුරු කොන්ක්‍රීට් කුහරයක සිරවී සිටින 10 හැවිරිදි දරුවා තායි ලයි හෝ නාම් බේරා ගැනීමට දැවැන්ත මෙහෙයුමක් ආරම්භ කර තිබේ. 03 January 2023
කාබුල් හමුදා ගුවන්තොටුපොළේ පිපිරීමක් තලේබාන් පාලනයට නතු ඇෆ්ගනිස්තානයේ කාබුල් අගනුවර හමුදා ගුවන් කඳවුරේ බෝම්බයක් පුපුරා යෑමෙන් 10 දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. තවත් 8 ක් බරපතල තුවාල ලැබූහ. 03 January 2023
ජෙරමි රීනර්ට අකරතැබ්බක් රීනර් සිය නිවස ඉදිරිපිට හිම තට්ටු ඉවත් කරමින් සිටිද්දී, හිම තට්ටු ඉවත් කිරීමේ ස්නෝව් කැට් යන්ත්‍රයට යටවී තිබේ. එම අවස්ථාවේදී රීනර් සිට ඇත්තේ තනිවම බව ද පැවැසෙයි. 03 January 2023
මිනිස් සිරුරුවලින් කොම්පෝස්ට් හදනවා ඇමෙරිකාවේ නිව්යෝක් ප්‍රාන්තයේ මෘතදේහ වලින් කොම්පෝස්ට් පොහොර නිපදවීම සිදුවෙයි. 02 January 2023
ඕස්ට්‍රේලියාවේ හෙලිකොප්ටර් 2ක් ගැටී 4ක් මරුට ඕස්ට්‍රේලියාවේ ගෝල්ඩ් කෝස්ට් නගරය ආසන්නයේ හෙලිකොප්ටර් යානා දෙකක් උඩු ගුවනේ ගැටීමෙන් සිදු වූ අනතුරකින් හතර දෙනකු මියගොස් තවත් නව දෙනකු තුවාල ලබා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත. 02 January 2023
නව අවුරුදු සමරද්දී උගන්ඩාවේ තෙරපීමක් අප්‍රිකා රාජ්‍යයක් වන උගන්ඩාවේ කම්පාලා අගනුවර සුපිරි වෙළෙඳ සංකීර්ණයක සිදුවුණු තෙරපීමකින් නව දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. තුවාල ලැබූ ගණන 5 ක් බව පැවැසෙයි. 02 January 2023
බ්‍රසීල ජනපති ලෙස ලූලා යළි දිවුරුම් දෙයි බ්‍රසීලයේ නව ජනාධිපති ලෙස ලූලා ද සිල්වා දිවුරුම් දුන්නේය. 77 හැවිරිදි ලූලා ද සිල්වා බ්‍රසීල ජනාධිපති ලෙස දිවුරුම් දුන්නේ තෙවැනි වරටය. 02 January 2023
ඇමෙරිකාවේ වෙඩි තැබීමක් ඇමෙරිකාවේ ඇලබාමා ප්‍රාන්තයේ මොබයිල් සිටි නගරයේ වෙඩි තැබීමක් සිදුවිය. වෙඩි තැබීම සිදුවූයේ අවුරුදු උදාවට පැය කීපයක් තිබියදීය. 02 January 2023
නිව්යෝක් නුවර පිහි ප්‍රහාරයක් 2023 නව වසර සැමරීමට සූදානම් වෙද්දී, ඇමෙරිකාවේ නිව්යෝක් නුවර, ටයිම්ස් චතුරස්රයට රැස්වුණු පිරිසකට පිහි ප්‍රහාරයක් එල්ල විය. පිහි ප්‍රහාරයට ලක් වුණු පිරිස අතරේ පොලිස් නිලධාරීන් තිදෙනෙකු ද සිටින බව පැවැසෙයි. 02 January 2023
රුසියන් හමුදා පරද්දනවා රුසියන් ආක්‍රමණයට එරෙහිව දිගටම සටන් කරන බවත්, රුසියන් හමුදා පරාජය කරන බවත්, 2023 නව අවුරුදු උදාවත් සමඟ යුක්රේන වැසියන් ආමන්ත්‍රණය කරමින් එරට ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කී පවසා තිබේ. 01 January 2023
කොරෝනා පරද්දන්න නව වැඩපිළිවෙළක් රටේ පැතිරෙන ‘කොවිඩ් 19’ වසංගත තත්ත්වය පාලනය කිරීමට සෞඛ්‍ය අංශ සමඟ එක් වී නව වැඩපිළිවෙළක් ආරම්භ කළ බව චීන ජනාධිපති ෂී ජින්පින් පැවැසීය. ඒ, 2023 නව අවුරුදු උදාවත් සමඟ චීන වැසියන් අමතමිනි. 01 January 2023
ඉන්දියාවේ භූමි කම්පාවක් 2023 නව වසර උදාවත් සමඟ ඉන්දියාවේ හර්යානා ප්‍රාන්තයේ ජජ්ජාර් නගරයට භූමි කම්පාවකින් දෙදරා ගියේය. 01 January 2023
හිටපු 16 වෙනි බෙන්ඩික්ට් පාප්තුමා ස්වර්ගස්ථ වෙයි හිටපු 16 වෙනි බෙන්ඩික්ට් පාප්තුමා ස්වර්ගස්ථ වූ බව අද(31) වතිකානය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කර ඇත.අද(31) වතිකානු වේලාවෙන් උදෑසන 9.34 ට වතිකානයේ මේටර් ඉක්ලීශියායි පල්ලියේදී 16 වෙනි බෙන්ඩික්ට් හිටපු පාප්තුමා ස්වර්ගස්ථ වී තිබේ. 31 December 2022
පැරදුණු බ්රසිල ජනපති රට හැරයයි පසුගිය ඔක්තෝබර් ජනාධිපතිවරණයෙන් පරාජයට පත් වූ බ්‍රසීල ජනාධිපති යාර් බොල්සරානෝ ඇමෙරිකාවට ගොස් ඇතැයි එරට මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි. 31 December 2022
චීනයෙන් පැමිණෙන්නන්ට තහංචි චීනයේ සිට පැමිණෙන සියලු දෙනා, ’කොවිඩ් 19’ පරීක්ෂණවලට යොමු වී, ආසාදිතයන් නොවන බව තහවුරු කළ යුතු යැයි ප්රංශයත් එක්සත් රාජධානියත් තීරණය කර ඇත. 31 December 2022
උතුරු කොරියා මිසයිල ජපානය දෙසට උතුරු කොරියාව, ජපානයට අනතුරක් වන ආකාරයට කෙටි දුර බැලැස්ටික් මිසයිල තුනක් අත්හදා බැලුවේය. 31 December 2022
චීන ජනපතිට පුටින්ගෙන් ඇරැයුමක් චීන ජනාධිපති ෂී ජින්පින් සහ රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් අතරේ වීඩියෝ හමුවක් පැවැත්විණි. 31 December 2022
ඇන්ඩෲ ටේට් අත්අඩංගුවට කාන්තා විරෝධී ආකල්ප ඇති, අන්ත දක්ෂිණාංශික මත පළ කරන මතභේදාත්මක සමාජ මාධ්‍ය චරිතයක් වන ඇන්ඩෲ ටේට් සහ ලොව ප්‍රකට දේශගුණික විපර්යාස පිළිබඳ හඬ නගන ක්‍රියාකාරිනියක වන 19 හැවිරිදි ග්‍රේටා තන්බර්ග් අතර සිදුවූ ට්විටර් වචන හුවමාරුව අවසන් වී පැය 24 යන්නට මත්තෙන් රුමේනියා පොලිසිය විසින් ඇන්ඩෲ ටේට් අත් අඩංගුවට ගනු ලැබ ඇත. 30 December 2022
මෝදිගේ මැණියන් අභාවප්‍රාප්ත වෙයි ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ මෑණියන් හීරාබෙන්, අද (30) අලුයම 3.30 ට අභාවප්‍රාප්ත වූ බව ඇය ප්‍රතිකාර ලබමින් සිටි අහ්මදබාද් රෝහල නිවේදනය කළේය. 30 December 2022
පුටින්-ජින්පින් හමුවක් රුසියන් ජනාපධිති ව්ලැදිමීර් පුටින් සහ චීන ජනාධිපති ෂී ජින්පින් අතරේ වීඩියෝ හමුවක් අද (30) පැවැත්වීමට නියමිතය. ජනාධිපතිවරුන් දෙදෙනා අතරේ හමුවක් පැවැත්වෙන බව නිවේදනය කෙරුණේ මීට දින කීපයකට පෙර සිටය. 30 December 2022
ඇෆ්ගනිස්තානයට දෙන ආධාර නවත්වන්නේ නෑ ඇෆ්ගන් තලේබාන් රජය, එරට කාන්තාවන් සම්බන්ධයෙන් ගන්නා දළදඬු තීරණ සම්බන්ධයෙන් අප්‍රසාදය පළ කළත්, තමන් ඇෆ්ගනිස්තානයට ලබා දෙන ආධාර නැවැත්වීමේ අදහසක් නැතැයි එක්සත් ජාතීන්ගේ සංවිධානය පැහැදිලි කර තිබේ. 30 December 2022
ලූලා ද සිල්වා පේලේ වෙනුවෙන් කඳුළු සලයි බ්‍රසීල ජනාධිපතිවරයා ලෙස යළිත් වරක් දිවුරුම් දීමට සූදානමින් සිටින ලූලා ද සිල්වා, අමරණීය පාපන්දු තරුව පේලේ වෙනුවෙන් සොව පළ කළේය. 30 December 2022
මීගමුව නගරාධිපති ඉල්ලා අස්වේ මීගමුව මහ නගර සභාවේ නගරාධිපති, නීතිඥ රොබට් හීන්කෙන්ද මහතා නගරාධිපති ධූරයෙන් ඉල්ලා අස්වන බව අද පස්වරුවේ ප්‍රකාශ කළේය... 15 July 2026