මේ මාසයේ චීනයේ කෝටි 20කට කොරෝනා මෙම මාසයේ පළමු දින 20 තුළ චීන ජාතිකයන් මිලියන 248 කට එසේත් නැතිනම් ජනගහණයෙන් සියයට 18 කට කොවිඩ් රෝගය අසාදනය වී ඇතැයි විශ්වාස කළ හැකි බව චීනයේ ජාතික සෞඛ්‍ය කොමිෂන් සභාවේ අභ්‍යන්තර රැස්වීම් වර්තාවක සටහන් වන බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත. 23 December 2022
ඉම්රාන් ඛාන්ගේ හිටපු බිරිඳකට මංගල සීනු හැඬවෙයි ඉම්රාන් ඛාන්ගේ හිටපු බිරිඳක් වන රෙහාම් ඛාන් හට මංගල සීනු හැඬවී ඇතැයි විදෙස් මාධ්‍ය පවසයි. 49 හැවිරිදි රෙහාම් ඛාන් වෘත්තියෙන් මාධ්‍යවේදිනියකි. 23 December 2022
ඇමෙරිකාවට හිම කුණාටුවක් ඇමෙරිකාවේ ජනපද රැසක් හරහා ප්රචණ්ඩ හිම කුණාටුවක් හමා යෑමට පටන් ගෙන තිබේ. එම හිම කුණාටුව හේතුවෙන්, ගුවන් ගමන් රැසක් ද අවලංගු කිරීමට බලධාරීන්ට සිදුවී ඇත. 23 December 2022
යුද්ධය ඉක්මනින් අවසන් කරගන්නයි ඕනෑ - පුටින් රුසියන් යුක්රේන යුද්ධය කඩිනමින් නිමා කිරීම තම අරමුණ යැයි රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් කියයි. කෙසේ නමුත් සාමකාමීව සාකච්ඡා මාර්ගයෙන් අර්බුදය විසඳා ගැනීමට යුක්රේනයට අවශ්‍ය නැතැයි ද ජනාධිපති පුටින් වැඩි දුරටත් පවසා ඇත. 23 December 2022
ඉන්දීය වැසියන්ට නාසික එන්නතක් ඉන්දිය රජයට අයත් ‘භාරත් බයෝටෙක්’ ඖෂධ නිෂ්පාදන සමාගම නිපදවූ ‘කොවිඞ් 19’ වයිරසයට එරෙහි නාසික එන්නත ඉන්දියානුවන්ට ලබා දීමට ඉන්දීය රජය අවසර දී තිබේ. 23 December 2022
රුසියන් කුලී හේවායන්ට උතුරු කොරියාවෙන් අවි රුසියාවේ ‘වැග්නර්’ කුලී හේවායන්ට උතුරු කොරියාවෙන් අවි ආයුධ ලැබී ඇතැයි ඇමෙරිකාව චෝදනා කරයි. 23 December 2022
චීන කොරෝනා ප්‍රභේදය ඉන්දියාවටත් චීනයේ බිහිසුණු අයුරුන් ව්‍යාප්ත වන, ‘කොවිඞ් 19 බී.එෆ් 7 ඔමික්‍රෝන් උප- ප්‍රභේදය’ ඉන්දියාවට ද ව්‍යාප්ත වී ඇතැයි ඉන්දීය සෞඛ්‍ය අංශ අනතුරු අඟවයි. 23 December 2022
චීන කොරෝනා විකෘතිය ලෝකයට අලුත් තර්ජනයක් චීනයේ ව්‍යාප්ත වන ‘ඔමික්‍රෝන් බී.එෆ්.7’ නමැති ‘කොවිඞ් 19’ නව උප ප්‍රභේදය ලෝකයට තර්ජනයක් බව ලෝක සෞඛ්‍ය සංවිධානය බිය පළ කර තිබේ. 22 December 2022
හිතාමතාම කොරෝනා බෝ කරගෙන තමන් හිතාමතාම ‘කොවිඞ් 19’ හෙවත් කොරෝනා වයිරසය ආසාදනය කරගත් බව ජනප්‍රිය චීන ගායිකා ජේන් සෙන්ග් පවසා ඇත. 22 December 2022
යුක්රේන ජනපතිගෙන් බයිඩන්ට වීර පදක්කමක් ඇමෙරිකාවේ නිල සංචාරයකට පැමිණි යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කී සහ ඇමෙරිකන් ජනාධිපති ජෝ බයිඩන් අතර හමුව ධවල මන්දිරයේදී පැවැත්විණි. 22 December 2022
යුක්රේන ජනාධිපති ඇමෙරිකාවේ යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්කී ඇමෙරිකාවේ සංචාරයක නියැලෙයි. රුසියාව යුක්රේනයට එරෙහිව ගත් හමුදා ක්‍රියා මාර්ගයෙන් පසු ජනාධිපති සෙලෙන්කී විදෙස් සංචාරයක නියැලෙන පළමු අවස්ථාව මෙයයි. 22 December 2022
පේලේගේ තත්ත්වය හොඳ නෑ බ්‍රසීල පාපන්දු සුපිරි තරුව පේලේගේ හදවත සහ වකුගඩු ඉතා දුර්වල තත්ත්වයට පත්ව ඇතැයි ඔහුට ප්‍රතිකාර කරන වෛද්‍යවරු පවසති. 22 December 2022
යුක්රේන ජනාධිපති බැක්මුට් යුද පෙරමුණේ යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කී, එරට බැක්මුට් නගරයේ යුද පෙරමුණට ගොස්, රුසියන් හමුදා සමඟ සටන් වදින යුක්රේන සොල්දාදුවන් හමුවී ඔවුන්ට වීර පදක්කම් පිරිනැමුවේය. 21 December 2022
ඇෆ්ගන් කාන්තාවන්ට විශ්ව විද්‍යාල තහනම් ඇෆ්ගන් කාන්තා විශ්ව විද්‍යාල වසා දමා, ඇෆ්ගන් කාන්තාවන්ට විශ්ව විද්‍යාල අධ්‍යාපනය ද තහනම් කිරීමට එරට තලේබාන් පාලකයෝ තීරණය කළහ. 21 December 2022
භූමි කම්පාවකින් ඇමෙරිකාව කැලඹෙයි ප්‍රබල භූමි කම්පාවකින් ඇමෙරිකාව කැලැඹුණි. රික්ටර් පරිමාණයේ ඒකක 6.4 ක ප්‍රබලත්වයක් සටහන් කළ එම භූමි කම්පාවෙන් බලපෑම් එල්ල වූයේ උතුරුදිග කැලිෆෝනියා ජනපදයේ ප්‍රාන්තවලටය. 21 December 2022
චීනයේ ‘කොවිඞ් 19’ වයිරස ව්‍යාප්තිය දරුණුයි ජනතා විරෝධය හේතුවෙන්, ‘කොවිඞ් 19’ සම්බන්ධයෙන් පනවා තිබූ සීමා ලිහිල් කිරීමට චීන රජය පියවර ගැනීමත් සමඟ එරට ‘කොවිඞ් 19’ වසංගතය උත්සන්න වී ඇතැයි විදෙස් මාධ්‍ය පවසයි. 20 December 2022
නෙදර්ලන්ත අගමැති සමාව ඉල්ලයි යටත් විජිත සමයේ, සිදුවුණු අපරාධ සම්බන්ධයෙන්, නෙදර්ලන්ත අග්‍රාමාත්‍ය මාර්ක් රූට් සමාව ඉල්ලීමක් කළේය. නෙදර්ලන්තය හෙවත් ඕලන්දය වනුවෙන් හැඳින්වෙන්නේ ලන්දේසීන්ය. 20 December 2022
ඉන්දියාව-පාකිස්තානය සාමය වෙනුවෙන් කැප වෙන්න ඕනෑ දෙරටේ ජනතාවගේ යහපත ගැන සලකා, ඉන්දියාවත් පාකිස්තානයත් සාමකතා සඳහා යොමුවිය යුතු යැයි ඇමෙරිකාව පවසයි. ඇමෙරිකා රජය වෙනුවෙන් මෙසේ පැවැසුවේ එරට රාජ්‍ය දෙපාර්තමේන්තුවේ ප්‍රකාශක නෙඞ් ප්‍රයිස් ය. ඒ, ඔහු සහභාගී වූ මාධ්‍ය හමුවක් අතරතුරේය. 20 December 2022
තායිලන්ත නාවික යාත්‍රාවක් අනතුරක තායිලන්ත රාජකීය නාවික හමුදාවට අයත් නෞකාවක් අනතුරට පත්වීමෙන් නාවික භටයෝ 33 දෙනෙක් අතුරුදන් වූහ. අතුරුදන් වුණු පිරිස සොයා මෙහෙයුම් ආරම්භ කළ බව නාවික හමුදාව පැවැසීය. 19 December 2022
පාපන්දු තරගයට ආ බොරු කිම් ජොන් උන් පා පන්දු ලෝක කුසලාන තරගාවලිය අවසන් වූයේ තියුණු තරගයකින් පසු ආජන්ටිනාව ජය ගනිමින් සහ ඉතා අලංකාර සමාප්ති උළෙලක් ද සමඟය. 19 December 2022
සනසන්න ආ ජනාධිපති පා පන්දු ලෝක කුසලාන අවසන් තරගයෙන්, වසර 36 කට පසු ආජන්ටිනාව ජයගනිද්දී, පරාජයට පත්වූයේ පසුගිය පා පන්දු ලෝක කුසලානය දිනූ ප්රංශයයි. ලැබූ පරාජය ප්‍රංශ පිළට දැඩි වේදනාවක් විය. 19 December 2022
පාකිස්තානයේ පොලිසියකට ත්රස්තයෝ පහර දෙති පාකිස්තානයේ, බෙදුම්වාදී ගැටුම් බහුල, කයිබර් පක්තුන්කාවා ප්‍රාන්තයේ ලකී මර්වාත් පළාතේ අලුතින් ඉදි කළ පොලිස් ස්ථානයකට ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල විය. ප්‍රහාරයෙන් පොලිස් නිලධාරීන් සිවුදෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. තුවාල ලැබූ ගණන 8 ක් යැයි මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි. 19 December 2022
රුසියාවෙන් යුක්රේනයට මිසයිල ප්‍රහාර 70 ක් එක් දිනක් තුළ රුසියාවෙන් යුක්රේනයට මිසයිල ප්‍රහාර 70 ක් එල්ල විය. රුසියන් හමුදා එක් දිනක් තුළ යුක්රේනයේ නගර ඉලක්ක කර ගනිමින් වැඩිම මිසයිල ප්‍රමාණයක් එල්ල කළ පළමු අවස්ථාව ලෙස මෙය සැලකෙයි. 19 December 2022
චීනෙය් මාර්ග ගත ක්‍රමය ඔස්සේ අධ්‍යාපන කොවිඩ් රෝගීන් වාර්තා වීම නැවත වරක් ඉහළ යාම හේතුවෙන් චීනයේ විශාලතම නගරය වන ෂැන්ග්හායි හි පාසල් වලට මාර්ග ගත ක්‍රමය ඔස්සේ අධ්‍යාපන කටයුතු සිදු කරන්න යැයි ෂැන්ග්හායි අධ්‍යාපන කාර්යාංශය උපදෙස් ලබා දී ඇත. 19 December 2022
චාල්ස් රජුගේ රාජාභිෂේකයට හැරී මේගාන්ටත් ඇරැයුම් තෙවැනි චාල්ස් රජු ලබන වසරේ පැවැත්වෙන තම රාජාභිෂේකයට හැරී කුමරු සහ මේගාන් මාකෙල් හට ආරාධනා කිරීමට තීරණය කර ඇතැයි ඬේලිමේල් වෙබ් අඩවිය වාර්තා කර ඇත. 19 December 2022
දකුණු අප්‍රිකා වෙරළට රළ පහරක් කඩා වදී දකුණු අප්‍රිකාවේ ඩර්බන් මුහුදු වෙරළට හිටිහැටියේ, සුනාමියක් වැනි රළ පහරක් කඩා වැදීමෙන් මුහුදේ පීනමින් සිටි තිදෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. 18 December 2022
ලෝක විවාහක රූ රැජින කිරුළ ඉන්දියාවට ලෝක විවාහක රූ රැජින කිරුළ වසර 21 කට පසු ඉන්දියාවට හිමිවිය. 18 December 2022
මැලේසියාවේ නාය යෑමකින් 21ක් මරුට මැලේසියාවේ බටාන්ග් කාලි නගරයට නිවාඩු ගත කිරීමට පැමිණෙන පුද්ගලයන් එළිමහන් කඳවුරු බැඳ ගන්නා ස්ථානයක් අසල සිදු වූ නාය යෑමකින් 21 දෙනකු මියගොස් තවත් 12 දෙනෙකු අතුරුදහන් වී ඇතැයි මැලේසියානු බලධාරීහු ප්‍රකාශ කළහ. 17 December 2022
පෘථිවියේ වතුර සොයන්න චන්ද්‍රිකාවක් පෘථිවියේ ජලය සමීක්ෂණය කිරීමේ අරමුණින් ආවේක්ෂණ චන්ද්‍රිකාවක් පෘථිවි කක්ෂයට යැවීමට නාසා ආයතනය කටයුතු කළේය. 17 December 2022
ඇවටාර් 2 සාර්ථකයි ජනප්‍රිය මෙන්ම සම්මානනීය හොලිවුඩ් අධ්යක්ෂ ජේම්ස් කැමරන්ගේ ’ඇවටාර් 2’ චිත්‍රපටය සාර්ථක ලෙස ලොව පුරා ප්‍රදර්ශනය ආරම්භ වී තිබේ. 17 December 2022
මීගමුව නගරාධිපති ඉල්ලා අස්වේ මීගමුව මහ නගර සභාවේ නගරාධිපති, නීතිඥ රොබට් හීන්කෙන්ද මහතා නගරාධිපති ධූරයෙන් ඉල්ලා අස්වන බව අද පස්වරුවේ ප්‍රකාශ කළේය... 15 July 2026