
රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් වහා අත්අඩංගුවට ගන්නැයි අන්තර් ජාතික අපරාධ අධිකරණය වරෙන්තුවක් නිකුත් කළේය. ඒ, රුසියාව, යුක්රේනයට එරෙහි හමුදා ක්‍රියා මාර්ගයක් අනුමනය කරමින් යුද අපරාධ සිදු කළ බවට එල්ල වන චෝදනා සම්බන්ධයෙනි.
නීතිවිරෝධී ලෙස ළමයින් පිටුවහල් කිරීම සහ යුක්රේන භූමියේ සිට රුසියාවට නීතිවිරෝධීව ලෙස පුද්ගලයින්ව මාරු කිරීම සම්බන්ධයෙන් ද රුසියන් ජනාධිපතිවරයාට හේග් නුවර කේන්ද්‍රකොටගත් අන්තර් ජාතික අපරාධ අධිකරණය චෝදනා නගා ඇත.
එම චෝදනා සම්බන්ධයෙන්, රුසියාවේ ළමා අයිතිවාසිකම් පිළිබඳ කොමසාරිස් මාරියා ලෙවෝවා-බෙලෝවාට එල්ල වී ඇති අතර ඇයට එරෙහිව ද අන්තර් ජාතික අපරාධ අධිකරණය වරෙන්තුවක් නිකුත් කර තිබේ.
මෙම අධිකරණ නියෝගය සම්බන්ධයෙන් ප්‍රතිචාර දක්වමින් රුසියාව පවසා ඇත්තේ, එම නියෝගය සම්පූර්ණයෙන් ම අර්ථ විරහිත ක්‍රියාවක් බවය.
රුසියානු විදේශ අමාත්‍යාංශයේ ප්‍රකාශිකා මාරියා සකාරෝවා පවසා ඇත්තේ ජාත්‍යන්තර අපරාධ අධිකරණයේ තීරණය නීතිමය දෘෂ්ටි කෝණයක් මිස එය කිසිසේත් ම සිය රාජ්‍යයට අදාළ නොවන බවයි.
මාරියා සකාරෝවා වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ රුසියාව ජාත්‍යන්තර අපරාධ අධිකරණය තුළ බලපැවැත්වෙන රෝම ප්‍රඥප්තියේ කිසිදු පාර්ශ්වකරුවකු නොවන බවත් ඒ යටතේ කිසිදු වගකීමක් ද තම රට නොදරන බවත්ය.
(රොයිටර්)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේක අර සෙලෙන්ස්කි ජෝකරයාගේ ජෝක් එකක්ද මල්ලි... හිනාවෙලා කඳුලුත් ආවා. මොනවා නැතත් එයාට හොඳට ජෝක් කරන්න පුළුවන්. රන්ජන් පාර්ලිමේන්තුවට යැව්වා වගේ තමයි. බලන් ගියාම ලංකාවට වඩා හරක් එහේ ඉන්නවානේ...
අල්ලයි නැට්ටක්...
ඇෆ්ගනිස්ථානයට, ඉරාකෙට ගහලා මිනිස්සු මරපු එකට ප්‍රශ්නයක් නැහැ වගේ... ඒ වෙලාවේ අන්තර් ජාතික අපරාධ අධිකරණය නිදියගෙන වෙන්නැති ඉඳලා තියෙන්නේ.
මට මතක් වෙනවා අතීතයේ මිනිස්සු කියපු ආකාරයට කලුවර අදුන තවත් බලවත්ව හදන්නෙ නැතුව අධිකරණ තීන්දුව ක්‍රියාත්මක කරන්න බැහැ නොකොලොත් අධිකරණයට අපහාස වෙයිද බලන්න පුළුවන්
පුටින්ව අල්ලන්නේ. මිනිස්සුන්ව නිරපරාදේ මරන නිසා. රනිල්, මහින්ද, ගෝඨා. අල්ලන්න ඇයි වරෙන්තු දෙන්නේ නැත්තේ. පුටින් ගොඩාක් හොඳ කෙනෙක්... රටේ දේපල ජනතාවගේ මුදල් හොරා කෑවේ නැහැ. මේ නඩේ මිනිස්සුන්ගේ ලේ විතරයි බිව්වේ නැත්තේ... ඒකත් කරයි. මහින්ද කට්ටඩියෙක් කිව්වා නම්. පුටින්ව අතඇරලා මේ නඩේව හිරකරලා හොරා කාපුවා වමාරවන්න...
පුටින්ට ඉස්සෙල්ලා, ඇමෙරිකානු ජාතිකයින් බයිඩන්ව අල්ලලා හිරේට දාන තත්වයක් තමයි අද ඇමෙරිකාව ඇතුළේ උදාවෙලා තියෙන්නේ...!