
(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
වාහන ලියාපදිංචිය, ආදායම් බලපත්‍රයක් ගැනීම සහ බැංකු ගිණුම් විවෘත කිරීම වැනි කටයුතුවලදී ටින් අංකය ගැනීමට දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ රස්තියාදු වීම අවශ්‍ය නැති බව ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය නිශාන්ත ජයවීර මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (03) පැවැසීය.
ජාතික හැඳුනුම්පත, දුරකතන අංකය සහ ඊමේල් ලිපිනයක් අැත්නම් එ්වා ලබාදීමෙන් සිය අවශ්‍යතාව ඉටුකර ගත හැකිි බවද ඔහු ප්‍රකාශ කළේය.
පසුව ඒ ආයතන ඔබගේ විස්තර දේශිය ආදායම් දෙපාර්තමේන්තුවට දුන් පසු ටින් අංකය ලබා දෙනු ඇතැයි නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසීය.
ටින් අංකයක් නොතිබුණා වුණත් ඉහත කටයුතු කර ගතහැකි බවද ජයවීර මහතා කීය.
ඔහු මෙසේ පැවසුවේ මැද පෙරදිග අර්බුදය සම්බන්ධයෙන් පැවති සභාව කල් දමන අවස්ථාවේ විවාදයේදීය.
ටින් සහතිකය ඔන්ලයින් ක්‍රමවේදය ඔස්සේද ඉල්ලුම් කළ හැකි බව නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd