රුසියාව අල්ලාගත් පළාත්වලට හමුදා නීතිය රුසියන් හමුදා විසින් යටත් කර ගැනීමෙන් පසු, රුසියාවට එක් කර ගැණුනු යුක්රේන පළාත් සදහා හමුදා නීතිය පැනැවීමේ නියෝගයකට රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් අත්සන් තබා ඇත. 19 October 2022
ඉන්දුනීසියා පාපන්දු ක්‍රීඩාංගනය කඩා දැමේ තෙරපීමක් සිදුවී 133 දෙනකු මියගිය, ඉන්දුනීසියාවේ මලංග් නගරයේ කංජුරුහාන් පාපන්දු ක්‍රීඩාංගනය කඩා දැමීමට තීරණය කළ බව ඉන්දුනීසියානු ජනාධිපති ජෝකෝ විඩෝඩෝ පවසයි. 19 October 2022
දේශගුණි විපර්යාස නිසා දරුවන් බිලියනයක් අනතුරේ දේශගුණික විපර්යාසවලින් එල්ල වන බලපෑම් නිසා ලෝකයේ කුඩා දරුවන් බිලියනයක් අතිශය ඉහළ අවදානමක සිටින බව ළමා අයිතීන් වෙනුවෙන් පෙනී සිටින ‘කිඩ්ස් රයිට්ස්’ ආයතනය නිකුත් කළ සමීක්ෂණ වාර්තාවක දැක්වෙයි. 19 October 2022
පුටින්ගේ රුසියාව ත්‍රස්ත රාජ්‍යයක් යුක්රේනයට එරෙහිව ගත් හමුදා ක්‍රියාමාර්ගයට විරෝධය පළ කරමින් රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින්ගේ රුසියාව ත්‍රස්ත රාජ්‍යයක් ලෙස නම් කිරීමට එස්තෝනියානු පාර්ලිමේන්තුව තීරණය කර ඇත. 19 October 2022
වැඩි වැටුප් ඉල්ලා ප්‍රංශය පුරා විරෝධතා ජීවන වියදමට සමගාමීව, වැඩි වැටුප් ඉල්ලා ප්‍රංශය පුරා වැඩ වර්ජන සහ විරෝධතා පැවැත්වෙයි. 19 October 2022
යුක්රේන නගර රැසකට ජලය නෑ: විදුලිය නෑ රුසියන් හමුදා දිගින් දිගටම එල්ල කරන මිසයිල සහ ෂෙල් වෙඩි ප්‍රහාර හේතුවෙන්, යුක්රේන නගර 1,162 කට විදුලිය නොමැති බවත්, පානීය ජල සැපැයුම් පවා අඩාල වී ඇති බවත් යුක්රේන මාධ්‍ය වාර්තා කරයි. 19 October 2022
හිටපු අගමැති ඉම්රාන්ට අතුරු මැතිවරණවලින් වාසි පාකිස්තානයේ පැවැති අතුරු මැතිවරණ ජය ගනිමින්, පාර්ලිමේන්තුවේ ආසන අටකින් හයක් දිනා ගැනීමට ධුරයෙන් නෙරපා දැමුණු හිටපු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් ප්රමුඛ ඔහුගේ ‘තරීක් ඊ ඉන්සාෆ්’ පක්ෂය සමත්විය. 18 October 2022
බ්‍රිතාන්‍ය අගමැතිනිය නෙරපීමේ කුමන්ත්‍රණය ඇරැඹේ බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය ලිස් ට්‍රස්, එම ධුරයෙන් නෙරපා දැමීමේ කුමන්ත්‍රණය මේ වනවිට ආරම්භ වී ඇති බවත්, ඉදිරි දින කීපය අග්‍රාමාත්‍යවරියට තීරණාත්මක වනු ඇති බවත්, ‘ඩේලිමේල්’ වෙබ් අඩවිය පවසයි. 17 October 2022
නයිජීරියාවේ ගංවතුරට 600 ක් බිලි වසර 10 කට පසු අප්‍රිකා රාජ්‍යයක් වන නයිජීරියාවට ඇද හැලෙන මහ වැසි හේතුවෙන් හටගත් ජල ගැලීම්වලින් මියගිය ගණන 600 ක් බවත් මිලියන 1.4 කට උන්හිටිතැන් අහිමි වී ඇති බවත් එරට මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි. 17 October 2022
තායිවානයට පහර දෙන්න චීනයට අයිතියක් තියෙනවා ඕනෑම අවස්ථාවක, තායිවානයට එරෙහිව හමුදාමය ක්‍රියාමාර්ගයක් ගැනීමට චීනයට අයිතියක් ඇතැයි චීන ජනාධිපති ෂී ජින්පින් පවසා ඇත. චීන ජනාධිපතිවරයා මෙසේ පැවැසුවේ, එරට පාලක කොමියුනිස්ට් පක්ෂයේ 20 වැනි ජාතික කොංග්‍රසය අමතමිනි. කොමියුනිස්ට් පක්ෂයේ ජාතික කොංග්‍රසය පැවැත්වෙන්නේ බෙයිජීං අගනුවර මහජන ශාලාවේය. 17 October 2022
කීව් අගනුවරට රුසියාවෙන් ගුවන් ප්‍රහාර යුක්රේනයේ කීව් අගනුවරට රුසියන් හමුදා මිසයිල ප්‍රහාර එල්ල කළ බවත්, සිවිල් වැසියන්ට අනතුරක් වන අයුරින් නගරයේ ස්ථාන කීපයකට එම මිසයිල පතිත වූ බවත් යුක්රේන රජය පවසයි. 17 October 2022
ඉන්දියාව තිරිඟු අපනයනය තහනම් කරයි ඉන්දියාව තිරිඟු අපනයනය තහනම් කිරීමට පියවර ගෙන ඇතැයි එරට මාධ්‍ය වාර්තා සඳහන් කරයි. 16 October 2022
උගන්ඩාවේ ඉබෝලා බියක් අප්‍රිකා රාජ්‍යයක් වන උගන්ඩාවේ ඉබෝලා වයිරස බියක් හටගෙන තිබේ. මේ වනවිටත් උගන්ඩාවේ දිස්ත්‍රික්ක දෙකක් ලොක්ඩවුන් කරමින් රෝගීවූවන් සොයා ගැනීම සහ ඔවුන් නිරෝධායනයට යොමු කිරීම ඇරැඹී ඇත. 16 October 2022
පාකිස්තානය අනතුරුදායක රටක් - බයිඩන් න්‍යෂ්ටික අවිවලින් ද සන්නද්ධ පාකිස්තානය, ලෝකයේ වඩාත් අනතුරුදායක රටවලින් එකක් යැයි ඇමෙරිකන් ජනාධිපති ජෝ බයිඩන් පවසා තිබේ. 16 October 2022
කැස්ස පැණිය ඉන්දුනීසියාවේ තහනම් අප්‍රිකා රාජ්‍යයක් වන ගැම්බියාවේ කුඩා දරුවන්ට මරු කැඳවූ බව පැවැසෙන ඉන්දියාවේ ‘මේඩ්න්’ ඖෂධ නිෂ්පාදන සමාගම නිපදවන කැස්ස සමනය කිරීමට ලබා දෙන සිරප් වර්ග ඉන්දුනීසියා රජය විසින් තහනම් කරනු ලැබ තිබේ. 16 October 2022
බ්‍රිතාන්‍ය නව අගමැතිනී ලිස් ට්‍රස් අර්බුදයක බ්‍රිතාන්‍ය නව අග්‍රාමාත්‍ය ලිස් ට්‍රස් අර්බුදයක පැටලී සිටී. මෙම අර්බුදය නිර්මාණය වූයේ පසුගිය දා ලිස් ට්‍රස්, ඇය විසින් මුදල් අමාත්‍යවරයා (චාන්සලර්) ධුරයට පත් කළ ක්වාසි වාටන් එම ධුරයෙන් නෙරපා දැමීමත් සමඟය. 15 October 2022
වසර 10 කට පසු නයිජීරියාවට මහ වැසි වසර 10 කට පසු, අප්‍රිකානු රාජ්‍යයක් වන නයිජීරියාව දරුණුතම ගං වතුර අවදානමකට මුහුණ පා සිටින බව විදෙස් මාධ්‍ය පවසයි. 15 October 2022
යුක්රේනය සමග සාමකතාවලට සූදානම් පහර දී යුක්රේනය විනාශ කිරීමේ කිසිදු අදහසක් තමන්ට නොමැති බවත්, යුක්රේන අර්බුදය විසඳා ගැනීමට සාකච්ඡා පැවැත්වීමට තමන් සූදානම් බවත් රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් පවසයි. 15 October 2022
පළමු වරට ප්‍රංශයෙන් ජර්මනියට ගෑස් රුසියන් යුක්රේන අර්බුදසය හමුවේ, බලශක්ති අර්බුදයකට මුහුණ දෙන ජර්මනියට, ප්‍රංශයෙන් ගෑස් සැපයීම මේ වනවිට ආරම්භ වී ඇතැයි පැවැසෙයි. 14 October 2022
ලෝකයේ සතුන් වේගයෙන් අඩුවෙනවා මිනිස් ක්‍රියාකාරකම් මෙන්ම දේශගුණික විපර්යාසවලින් එල්ල වන බලපෑසම් හේතුවෙන් ලොව සත්ව ගහණය ශීඝ්‍ර ලෙස අඩු වී යෑමට පටන් ගෙන ඇතැයි ලෝක වන සත්ව අරමුදල අනතුරු අඟවයි. 14 October 2022
මිසයිල බියෙන් දුම්රිය නවතී රුසියන් යුක්රේන දේශසීමාවේ පිහිටි රුසියාවේ බොල්ග්‍රොඩ් ප්‍රාන්තයේ - නොවිඔස්කොල් නගරයේ දුම්රිය ගමනාගමනය සම්පූර්ණයෙන් නවතා දැමීමට නගර බලධාරීන් පියවර ගෙන තිබේ. 14 October 2022
උතුරු කොරියාව දිගු දුර මිසයිල අත්හදා බලයි උතුරු කොරියාව දිගු දුර කෲස් මිසයිල දෙකක් අත්හදා බැලූ බව පැවැසෙයි. මෙම මිසයිල දෙක න්‍යෂ්ටික යුද ශීර්ෂ සවි කළ හැකි මිසයිල බව උතුරු කොරියානු හමුදාව පවසා තිබේ. 14 October 2022
වඳුරු උණ ආසාදිතයන් ගණන 70,000 පනී ගොලීය වඳුරු උණ ආසාදිතයන් ගණන 70,000 සීමාව පසු කර ඇතැයි ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි. 14 October 2022
පාකිස්තාන අගමැති චෝදනාවලින් නිදොස් කොට නිදහස් දූෂණ සහ මුදල් විශුද්ධිකරණ චෝදනාවලින් අග්‍රාමාත්‍ය ෂෙහ්බාස් ෂරීෆ් සහ ඔහුගේ පුත්‍රයා හම්සා ෂරීෆ් නිදොස් කොට නිදහස් කිරීමට පාකිස්තාන අධිකරණයක් තීන්දු කළේය. 13 October 2022
රුසියා පාලමට එල්ල වූ ප්‍රහාරය පිටුපස යුක්රේන බුද්ධි ලොක්කා ඉකුත් සෙනසුරාදා යුරෝපයේ දිගම පාලමට එල්ල වූ ත්‍රස්තවාදී ප්‍රහාරය පිටිපස සිටි මහා මොළකරු යුක්රේන බුද්ධි අංශ අණදෙන නිලධාරී කිරිල් බුඩනොව් බව රුසියානු බුද්ධි අංශය චෝදනා කළේය. 12 October 2022
සූ කීට තවත් වසර 3 ක සිර දඬුවමක් අල්ලස් චෝදනා සම්බන්ධයෙන් හමුදා අධිකරණයක් හමුවේ වරදකාරිය වූ මියන්මාරයේ ප්රජාතන්ත්රවාදී නායිකා අවුන් සාන් සූ කී ට තවත් තෙවසරක සිර දඬුවමක් නියම විය. 12 October 2022
මහතීර් මොහොමඩ් යළි දේශපාලනයට එලැඹෙන මහ මැතිවරණයට තමන් ද ඉදිරිපත් වන බව මැලේසියාවේ හිටපු අග්‍රාමාත්‍ය 97 හැවිරිදි මහතීර් මොහොමඩ් පවසයි. ලොව ප්රවීණතම දේශපාලඥයෙකු ලෙස මහතීර් මොහොමඩ් සැලකෙයි. 12 October 2022
ජපානය යළිත් වරක් සංචාරකයන්ට ඇරේ ‘කොවිඩ් 19’ තහංචි හේතුවෙන් වසර දෙකහමාරක් තිස්සේ වසා දැමුණු දේශසීමා සංචාරකයන් සඳහා විවෘත කිරීමට ජපාන රජය පියවර ගත්තේය. 12 October 2022
යුක්රේනයට සහාය දෙන්න ‘ජී7’ නායකයෝ එකඟ වෙති ඇමෙරිකා ජනාපධිති ජෝ බයිඩන්ගේ මැදිහත් වීමෙන්, ‘ජී7’ කණ්ඩායමට අයත් රටවල රාජ්‍ය නායකයන් අතරේ විශේෂ හමුවක් වීඩියෝ තාක්ෂණය ඔස්සේ පැවැත්විණි. 12 October 2022
මලාලා යූසොෆ්සායි යළිත් පාකිස්තානයට නොබෙල් සාම ත්‍යාගයෙන් ද පිදුම් ලැබූ, මානව ක්‍රියාකාරිනියක වන මලාලා යූසොෆ්සායි යළි සිය මවු රට වන පාකිස්තානය බලා පැමිණියාය. මලාලා මෙසේ යළි පාකිස්තානය බලා පැමිණියේ, තලේබාන් ත්රස්තවාදීන් ඇයට වෙඩි තබා ඇය ඝාතනය කිරීමට උත්සාහ ගෙන වසර 10 ක් ගතවෙද්දීය. 12 October 2022
ඒහිපස්සිකෝ සාම පා ගමන 21 ඇරැඹෙයි ජාත්‍යන්තර ප්‍රසිද්ධියට පත් ’’Walk For Peace’’ සාම පාගමන වැඩසටහන ලබන 21 සිට 28 දක්වා රාජ්‍ය අනුග්‍රහය සහිතව පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇත... 16 April 2026