
චීන ජනාධිපති ෂී ජින්පින් තෙවැනි ධුර කාලයක් සඳහා ජනාධිපති ධුරයට පත්කර ගැනීම සිදුවිය. ඒ, චීන කොමියුනිස්ට් පක්ෂයේ ඒකමතික අනුමැතිය ඒ සඳහා හිමිවීමෙන් පසුවය.
බටහිර ධනපතිවාදයට එරෙහිව, චීන කොමියුනිස්ට් විප්ලවය මෙහෙයවූ මාඕ සේතුංගෙන් පසු එරට ජනාධිපති ධුරයට පත්වුණු බලවත්ම නායකයා ලෙස සැලකෙන්නේ ෂී ජින්පින් ය.
ෂී ජින්පින් චීන ජනාධිපති ධුරයට පත්වූයේ 2012 දීය. දේශපාලන විශ්ලේෂකයන්ට අනුව, චීනයට නායකත්වය දෙන වඩාත් ලිබරල්වාදී ජනාධිපතිවරයා වන්නේ ද ෂී ජින්පින්ය.
පිටපිට තෙවැනි වරටත් ජනාධිපති ධුරයට පත් වුණු 69 හැවිරිදි ෂී ජින්පින් ඉදිරි දින දෙක ඇතුළත කැබිනට් මණ්ඩල සාමාජිකයන් පත් කර ගැනීම සිදු කරනු ඇතැයි මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි. වත්මන් චීන අග්‍රාමාත්‍ය ලී කෙකියැං දිගටම එම ධුරයේ කටයුතු කරනු ඇතැයි ද චීන මාධ්‍ය වාර්තා කර තිබේ.
(රොයිටර්)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
චීනය ලොව බලවත්ම රටක් කරපු, ඔබතුමාට අපගේ උණුසුම් සුබපැතුම්...!