
ද්වී පාර්ශ්වික සබඳතා තරකර ගැනීමේ අරමුනින් ඉන්දියාවට පැමිණි ඕස්ට්‍රේලියා අග්‍රාමාත්‍ය ඇන්තනි ඇල්බනීස්ට ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගෙන් උණුසුම් පිළිගැනීමක් හිමිවිය.
ඉන්දීය අග්‍රාමාත්‍ය මෝදිගේ ඇරැයුමක් පිළිගනිමින්, ඕස්ට්‍රේලියා අගමැති ඇල්බනීස් මෝදි සමඟ ගුජරාට ප්‍රාන්තයේ අහ්මදාබාද් නගරයේ සංචාරය කළේය. මෝදිගේ උපන් ප්‍රාන්තය ලෙස සැලකෙන්නේ ගුජරාටයයි.
මේ වනවිට ඕස්ට්‍රේලියා ක්‍රිකට් කණ්ඩායම ඉන්දීය සංචාරයක නියැලෙයි.
අහ්මදාබාද් ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේ ඕස්ට්‍රේලියා කණ්ඩායම සහ ඉන්දීය කණ්ඩායම අතර පැවැති ටෙස්ට් තරගය නැරැඹීමට මෝදි, ඕස්ට්‍රේලියා අග්‍රාමාත්‍යවරයා ද රැගෙන ගියේය. එහිදී නරඹන්න්නගෙන් රාජ්‍ය නායකයන් දෙදෙනාට උණුසුම් පිළිගැනීමක් හිමිවිය.
(එන්.ඩී.ටීවී.)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd